
(ඩයනා උදයංගනී)
ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.
කොවිඩ් වසංගත තත්වය නිසා දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු කීවේය.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශිෂ්‍යත්ව විභාගයේදී ඇගයීමට ලක්වන විෂය ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරියේදී චක්‍රලේඛයක් ලෙස නිකුත් කරන බවද ඔහු පැවසීය.
ඒ සම්බන්ධව දැනටමත් ගණනයන් කර ඇතැයි කී ධර්මසේන මහතා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අදාළ කමිටු මගින් අධ්‍යයනය කරමින් පවතින බව කීවේය.
මෙහිදී සිදුවන්නේ ප්‍රශ්න පත්‍ර ලිහිල් කිරීමක් නොවන බව ද ධර්මසේන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත තීරණ සඳහා පාදක වූ නිර්ණායක කවරේද? මේවාට සිසු දරුවන්ගේ සැබෑ විෂය දැනුම තක්සේරුවක් ඇතුළත්ව නැත. සිසු දරුවන් වසර 2ක් තුළ දැනට වාර විභාග 5කට මුහුණදී නැත. මෙම තීරණ සඳහා වැදගත්ම නිර්ණායකය වියයුත්තේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිළිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාගවලට (5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ.) මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිළිබඳ සැබෑ ස්වරූපය අධ්‍යාපන අමාත්‍යංශයේ දැනගැනීම ඉතා වැදගත්... අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් සැකසුණු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක්රැස්කර විශ්ලේෂණය කර ගැටළු හඳුනාගෙන පිළියම් යොදන්න. අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමෙන් සැකසුණු වාර විභාග ඉදිරි වසර සඳහාද පවත්වා ලකුණුවල ප්‍රගතිය නියාමනය කරන්න. මෙම ක්‍රියාවලිය තව වසර 10ක් පමණ ලංකාව මුහුණ දිය හැකි භයානක අධ්‍යාපන අර්බුදය යම්තාක් දුරකට සමනය කරගැනීමට පිටිවහලක් වනු ඇත...
තව දුරටත් අඳුරේ අතපත නොගාන්න. වසංගතය නිසා වරින් වර රට වසා දැමීම, විවෘතවීම සිදුවුණත්, සැමවිටම පාසල් ආරම්භ කිරීමට දින වකවානු යෙදුවේ රට විවෘත වී මසකට පමණ පසුයි. ඒ වනවිට ඊළඟ වසංගතය රැල්ලක් නිර්මාණය වෙමින් පාසල් දින කිහිපයක් පමණක් පැවැත්වීමට සිදුවිය. මෙම පසුගිය අත්දැකීම් අනාගතයේ යහපත් තීරණ ගැනීමට යොදා ගන්නේ නම් අගනේ ය. දැන්වත් මාර්ගගත අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛන මගින් නිර්ණායක හා නියාමනය සිදුකළ යුතුමයි. මේ සඳහා ගුරුවරුන්ට පාසල්වල ඇති සම්පත් භාවිතා කිරීමට අවස්ථාව දිය යුතුයි. අගහිඟකම් සහිත දරුවන්ට මධ්‍යස්ථාන (පාසලම යොදාගත හැක) ඇතිකරමින් ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස්කර තබන්න. හදිසි රට වැසීමකදී දරුවන්ට පාසල් අධ්‍යාපනය තව දුරටත් මග හැරීමට ඉඩ නොදෙන්න. රට මෑත කාලීනව ආර්ථිකව වැටෙන වැටිල්ලට වඩා දිගුකාලීනව අධ්‍යාපනයෙන් වැටෙන වැටිල්ල හානිදායක වනු ඇත.
මෙම වසංගතයට පෙර නිදහස් අධ්‍යාපනය සැමට එකලෙස ලබාගැනීමට අවස්ථාව තිබූ බැවින් ඉතා අගහිඟකම් සහිත දරුවන් පවා 5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ. ඉතා විශිෂ්ඨ ලෙස සමත්ව උසස් අධ්‍යාපනයද ලබා රටේ වැදගත්ම නිලතල දරමින් ජීවිතය ගොඩගැනීමට සමත්විය. නමුත් පසුගිය වසර 2 අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල් මෙන්ම නාගරිකව පිහිටි ජනප්‍රිය නොවන පාසල් මාර්ගගත අධ්‍යාපනයට දරුවන් හා සම්බන්ධ නොවූ තරම්. ඒ නිසා විශේෂයෙන් මෙම පාසැල්වල දරුවන් වසර 2ක සම්පූර්ණ අධ්‍යාපනය මගහැරී ඇත. මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමෙන් නිර්ණායක හා නියාමනය තිබුණේ නම් මෙතරම් අවුලක් සිදුවන්නේ නැත...