IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විපතෙදි දුක බෙදා ගත්තයි සරත්ලා

(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අද දින අවසන් ගෞරව දැක්වූහ.

ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමැතිවරු දේහයට ගෞරව දැක්වීමෙන් පසු බුද්ධංගල හිමියන්ගේ  සහෝදරයා වන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට සහ උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළහ. 

බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දෙහය අද  (30) 2.00 පමණ ගුවන් මගින්  අම්පාර බුද්ධංගල ආරණ්‍යසේනාසන වෙත රැගෙන යාමට නියමිත ඇත.

ගිහි ජීවිතයේදී යුද හමුදා මේජර් ජෙනරාල් වරයකුවූ අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයකු ලෙසද කාලයක් කටයුතු  කළ ආනන්ද වීරසේකර මහතා බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට පත්වූයේ 2007 වර්ෂයේදීය.

බුද්ධංගල ආනන්ද හිමියෝ ධර්ම ග්‍රන්ථ රැසක්ද පරිවර්තන කෘති කිහිපයක්ද පසුගිය කාලයේදී රචනා කළහ.

ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකුවූ බුද්ධංගල ආනන්ද හිමියෝ පෙරේදා (28) උදෑසන අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී හෙට (31) පැවැත්වීමට නියමිතය.



අදහස් (9)

විපතෙදි දුක බෙදා ගත්තයි සරත්ලා

දාස Thursday, 30 December 2021 03:53 PM

සරත් ෆොන්සේකා මහතා මීට සහභාගිවීම ඉතා හොඳයි...

:       0       4

Sadis Friday, 31 December 2021 07:03 AM

පාර්ලිමේන්තුවේ ගුටි කෙළගත්ත හැටියට ෆොන්සේකලා බලයට ආවාට හොරු අල්ලයි කියලා හිතන්න නම් එපා...

:       13       35

දාසFriday, 31 December 2021 04:42 PM

ෆොන්සේකා මහත්තයා හොරු අල්ලනවා ඒකේ දෙකක් නෑ.. නමුත් ෆොන්සේකා මහත්තයාගේ නායකයගෙන් එයට ඉඩ ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නය. මට 100ට 100ක් විශ්වාසයි.. එදාට ෆොන්සේකා මහත්තයා දැන් ඉන්න පක්ෂෙන් එළියට බහින බව....

:       6       15

Bunny Preena Friday, 31 December 2021 09:38 AM

අපි කවුරුත් යා යුතු ගමනක්.. කාටවත් ඒකෙන් බේරිලා ඉන්න බැහැ. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..

:       5       35

mahinfa Friday, 31 December 2021 10:04 AM

සුබ නව වසරක් වේවා...! මහා සිංහයා ෆීල්ඩ් මාෂල් සරත් මැතිඳුන්ගේ ප්‍රතාපවත් බව තවමත් දිස්වේ... දීර්ඝායූ මවුබිම රැකදුන් අසහාය විරුවාණෙනි...!!!

:       11       52

දාසFriday, 31 December 2021 04:50 PM

ඔහු නිසැකවම මහා සිංහයෙකි...

:       8       20

සනත් Friday, 31 December 2021 04:38 PM

සරතෙක් තවත් සරතෙකුට වෛර නොකරයි.

:       1       9

ජල්තර Friday, 31 December 2021 05:38 PM

යුද විරුවා ඡන්දෙ ඉල්ලුවේ කොටින්ට කිරි පොවපු හැතිකරේ එක්ක බව නම් අමතක කරන්න එපා...

:       63       31

සුරලොව ඇල්මන් Friday, 31 December 2021 07:32 PM

දෙදෙනා දේශපාලන වශයෙන් දෙපිලක වුණත් දෙදෙනාම රට වෙනුවෙන් කැපවූ අයයි. පක්ෂ භේද අතහැර මෙවැනි ජාති හිතැති අය (හමුදාවේ අය පමණක් පැමිණීම සුදුසු නැහැ) සංවිධානය වී ජාතික ප්‍රතිපත්තියක් සකසාගෙන පැමිණ රට බේරාගැනීමට කාලය පැමිණ ඇත.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site