
(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කිලෝමීටර් තුනක් දුර කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දුන්හ.
දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත් ඇත.
මෙම අලි පැංචා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
ඇහැට කඳුලකුත් ආවා ඡායාරූපය දැකලා...!
වනජීවී මාමලාට බොහොම පින් සිදුවේවා...! සසරගත කුසල කර්මයක් මේ තිදෙනාටම බලපාන්න ඇති. සුවපත් වේවා...!
අනේ මේ අහිංසක පුංචි සතාගේ දුක දැක ඒ සතා බේරාගත් වනජීවී නිලධාරී මහත්වරුන්ට හා ගම්වාසීන්ට බොහෝමත්ම ස්තූතියි.
මාමලා අලි පැටියව ආපහු රැලට බාර දුන්නොත් ගොඩක් වටිනවා. ප්‍රායොගික පැත්ත ලේසිද අමාරුද කියලා අපිට අවබෝධයක් නෑ. හැබැයි ආපු අලි පැටවුන්ට ආයේ යෑමක් නම් නෑ...
මේ අලිපැංචාගේ ජීවිතය බේරාදුන් නිලධාරින්ටත්, ගම්වැසියන්ටත් ආචාර කරන්න...
අනේ අම්මපා මේ වනජීවී එකේ කොල්ලො කරන වැඩ... පස්ස පැත්තට දෙකක් දීලා, මූණ ඉඹින්න හිතෙනවා...