(පද්මසිරි ගාර්දියවසම් )
කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
වන අලියා සිදුකළ පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ කේ.ඩබ්. ඉන්දික කුමාර නමැති වනජීවී නියාමකවරයෙකි . වන අලියාගේ ප්‍රහාරයෙන් ඔහුගේ ඉල ඇට තුනක් බිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
කිරින්ද පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි අලි මරා දැමිය යුතුයි. ඔවුන් වන ජීවි එකට ගහපු එකට මගේ සතුට...!!!