(පාලිත ආරියවංශ )

මහියංගණය දෙහිගොල්ල ගම්මානයේ නිවසකට අද (19) අලුයම් කාලයේ  එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම නිවෙස් ජිවත්වූ කාන්තාවක් මියගොස් ඇගේ මිනිපිරිය බපරතල තුවාල  ලබා ඇතැයි මහියංගණය පොලිසිය  පවසයි .

මියගොස් ඇත්තේ කුඩාගලයාය  දෙහිගොල්ල ලිපිනයේ පදිංචිව සිටි ඊ.ජී.දයාවතී නමැති 68 හැවිරිදි කාන්තාවකි .

තුවාල ලබාඇත්තේ ඇගේ මිනිබිරිය වන පියුමි ලක්ෂානි (23) නමැත්තයකි .

මිත්තනිය සහ මිනිබිරිය නිදාගෙන සිටියදී අලුයම 2-30 ට පමණ මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇත.   

දෙදෙනා මහියංගණය මූලික ‍රෝහලට ඇතුලත් කිරීමෙන් එක් මිත්තනිය මියගොස් ඇතැයද පොලිසිය සඳහන්කළේය   .