(සුජිත් හේවාජුලිගේ)
විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලයට දෙන ලද නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂක තැන්පතුවලින් 242 ක් තබා ඇත්තේ භාවිත නොකරන නිවාස වලට බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ආරක්ෂිත තැන්පතුවල වටිනාකම කෝටි හයකට ආසන්න බවද එම වාර්තාවේ දැක්වේ. ඉන් රුපියල් කෝටියකට වැඩි මුදලක් වසර විස්ස ඉක්මවා තිබූ බවද වාර්තාවේ දැක්වේ.
මෙසේ භාවිත නොකරන නිවාස සඳහා තබා ඇති ආරක්ෂිත තැන්පතු අය කර ගැනීම සඳහා වහාම ක්‍රමවේදයක් සකස් කරන ලෙස විගණන නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය විගණන වාර්තාවක් එළියට ආවොත් දූෂණය, වංචාව, හොරකම නැතිනම් අකාර්යක්ෂමතාව... මේ රට යන්නේ කුමන දිශාවටද?