(අජන්ත කුමාර අගලකඩ)

බරපතල අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (06)පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය .

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යන මහාචාර්ය ජී එල් පීරිස් මහතා එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයන් හෙට (07)දිනයේ දී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද ඇමතිවරයා එහිදී ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරනු ඇත