(නිමල කොඩිතුවක්කු)

විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරති.

විදුලිය විසන්ධි වී පැයක පමණ කාලයක් ගතවනවිට අඩු පීඩනයකින් ජලය ලැබුනු බවත් ඉන් පසු ජලය සම්පූර්ණයෙන්ම නොලැබි ගිය බවත් ඔව්හු පවසති.

විදුලිය විසන්ධි වූ ඊයේ (22) සහ පෙරේදා (21) යන දෙදින තුළම ජල සැපයුමට මේ ආකාරයෙන් බාධා වූ බවත් ජනතාව පවසති.

අඹතලේ සහ බියගම පිහිටි ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය 24 තුළම තුළම අඛණ්ඩව විදුලිය ලබා දෙන වෙනම විදුලි සම්බන්ධතාවයක් ක්‍රියාත්මක බැවින් කොළඹ බොහෝ ප්‍රදේහවල ජල සැපයුමට බාධාවක් අති නොවන බව මේ සම්බන්දයෙන් කල විමසීමකදී ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය දෙකකට අධික කාළයක් අඛණ්ඩව විදුලි සැපයුම නොලැබී ගියහොත් ජල සැපයුමට බාධා ඇති විය හැකි බවද  බවත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය  සමග අවබෝධයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

කුඩා උප පොළවල් සඳහා ජෙනරේටර් ලබාදී ඇති බවත් ඒවා සඳහා වෙනම ඉන්ධන ගබඩා කර ඇති බවත්  ඔහු කීවේය.

බොහෝ කුඩා උප පොළවල් ඇති ජෙනරේටර් සඳහා  ඉන්ධන ගබඩා කිරීමේදී ගැටලු මතුවන බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තහවුරු විය.

කුඩා උප පොළවල් සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක් නොමැති අතර ඉන්ධන හල් වලින් බැරල් වලට ඉන්ධන රැගෙන ගන ආ යුතු වේ.

මෙහිදි විශාල වශයෙන් බැරල් වලට ඉන්ධන රැගෙන ඒමේ දී ජනතා විරෝධය මතුවීමත් ඇතැම් ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වීමත් හේතුවෙන්  ගැටලු මතු වන බවද එහි සේවකයෝ පවසති.