(ඩයනා උදයංගනී)
විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, මහජන උපයෝගීතා කොමිසම මගින් යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ට පෙබරවාරි 15 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමට ඒ සඳහා සහනදායී නිර්දේශයන් ඉදිරිපත් කළ හැකි නම් ඒ සඳහා වෙනස්කම් කිරීමට යටත්ව ජනවාරි 1 වැනිදා සිට නව ගාස්තු වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කොමිසම මගින් ගාස්තු අඩුකිරීමක් ඉදිරිපත් කළොත් එකී සංශෝධන අනුව ඉදිරි මාසික විදුලි බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීඅද අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිලට සංශෝධන ගේන්න කොමිසමට කාලය දෙයි
ravin Tuesday, 10 January 2023 01:51 PM
වතුරින් ගොඩගත්තු මාළුවෝ වැඩියෙන් දඟලනවාලුනේද? කාගෙකාගෙත් කාලය ජනතාව තීරණය කරලා ඉවරයි.
sharm warn Tuesday, 10 January 2023 02:53 PM
ඇයි අර කාංචන ගොයියව දැන් හන්ගලා තියෙන්නෙ? එයා නාමල් කාරයට වඩා ප්‍රසිද් වෙයි කියල බයෙන් ද? මුන් අපෙ විදුලි බිල් වැඩි කරන්න කැසපොට ගහගෙන නටන්නෙ උන්ගෙ විදුලි බිල් හරියට ගෙවලද?