(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.
මේ අවදානම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
දැනට රට පුරා තේ කම්හල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
තේ දළු නිෂ්පාදනයද මේ වනවිට විශාල වශයෙන් අඩුවී ආදායම පහත බැස ඇති අවස්ථාවක විදුලිය බිල වැඩි කළහොත් එය තේ කර්මාන්තයට දරාගත නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
පොහොර ප්‍රශ්නය මෙන්ම දේශගුණික තත්වය නිසා තේ දළු නිෂ්පාදනය මෙසේ පහත වැටී ඇති බව ලයනල් හේරත් මහතා
වැඩිදුරටත් පැවසීය.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රට පුරා විශාල විරෝධයක් නැගෙමින් පවතී. විවිධ පාර්ශව විසින් විරෝධතා පෙත්සම් ගණනාවක්ද රජයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.
විදුලිය බිල නැවත වතාවක් වැඩි කිරීමට නියමිතව ඇත්තේ මේ මාසයේ සිටය. විදුලිය බිල වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඊයේ (9) හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල වැඩි කළොත් තේ කම්හල් හාන්සි
තේපානිස් Tuesday, 10 January 2023 06:39 PM
අනේ ඔය සුද්දා පුරුදුකල ඔක්කොම නැතිකරලම දාමු. දැන් දලුකඩන්න කෙනෙක් සොයන්න නැහැ මොකද ඔවුන්ට බහුකාර්‍ය රාජකාරි ලැබිලා ගියා. තේ කම්හල් නිසා තමයි ලංකාවේ විදුලිය ගොඩක් නාස්ති වෙන්නෙ ඒවත් වහල රනිල්ලාගෙ පිරිසකුත් බහුකාර්‍ය සහායකයින් කරන්න