IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා

(ආරියරත්න රණබාහු)

ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යන ආයතන මේ රටේ දුප්පත්කම වැඩි කරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (8) පැවසීය.

මොන ආණ්ඩුව ආවත්, කවුරුන් බලයට පත්වුණත්, කවුරුන් ජනාධිපති වුවත්, මේ රටේ දුගීභාවය ඇති කරන ප‍්‍රධාන ආයතන මේවා බව සිහි තබා ගත යුතු බව කී ජනාධිපතිවරයා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා දෙවියන් වහන්සේ කවුරුන් හෝ කෙනෙක් එවනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (8) පස්වරුවේ පැවති රූබන් වික‍්‍රමාරච්චි මහතා විසින් රචිත විදුලි පුරාණය ග‍්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේ දීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීය.

පසුගිය අවුරුදු තිහ හතළිහක් ගත්තොත් ඔළුව කැක්කුම හැදෙන ආයතන කිහිපයක් මේ රටේ තියෙනවා.

එකක් තමයි විදුලිබල මණ්ඩලය. ඊළඟට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන්සේවය. තව කියන්න තියෙනවා කාලය මදි නිසා කියන්නේ නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභය බිලියන 144යි. 2019 මුල්භාගයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 89යි. දැන් මේකට පශ්චාත් මරණ පරීක්‍ෂණයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු හොයාගන්න වෙන්නෙත් මේ ක්ෂේත‍්‍රයෙන්මයි. මම දේශපාලනඥයෙක් මිස ඉංජිනේරුවරයෙක් නොවෙයි. ඒ නිසා ඒ ගොල්ලන්ගෙන් තමයි මේවා ගැන දැන ගන්න වෙන්නේ.

විදුලි බල මණ්ඩලයේ මේ පාඩුව අද ඊයේ සිදුවූ ඒවා නොවෙයි. ජාතික විදුලිබල පද්ධතියේ විදුලි බල ප‍්‍රමාණය රටට ප‍්‍රමාණවත් නොවන නිසා පුද්ගලික අංශයේ සමාගම්වලින් විදුලිය මිල දී ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා යන ගණන් මිනුම් මම කියන්නේ නැහැ.

මේ හා බැඳුණු තව ආයතනයක් තියෙනවා. මම ඒක කියන්නම් මට නඩු දැම්මට කමක් නැහැ. මම ඉන්නේ තව දවස දහයයි. නඩු දාන්න වෙන්නේ හිටපු ජනාධිපතිට කියලා.

ඒ ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම, ඒ කොමිසම විදුලිබල මණ්ඩලයට නිදහසේ තීන්දු ගන්න දෙන්නේ නැහැ. ඒ කොමිසම තමයි තීන්දු කරන්නේ පුද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක මිල ගණන්. ඒ ගොල්ල අතේ තමයි පාලනය තියෙන්නේ.

පසුගිය අවුරුදු දෙකේ දී මේ කොමිසම විසුරුවා හරින්න උත්සාහ කළා. නමුත් ඒක ජනාධිපතිටත් බැරි වුණා. අගමැතිටත් බැරි වුණා. කැබිනට් මණ්ඩලයටත් බැරි වුණා.

මේ කියන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ට එන්න කියලා අපි කිව්වා කරුණාකර අස්වෙලා යන්න කියලා. ඒත් ගියේ නැහැ. ඔහු මාස දෙක තුනකට සැරයක් ලෝකේ වටේ රවුමක් දෙකක් යනවා. ඒ යන විදියත් අපි දන්නවා.

විදුලිබල මණ්ඩලය අද යම් කිසි පාඩුවක් ලබනවා නම් ඒකෙන් බේරෙන්න බැරි ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම.

විදුලි බල පුරාණය පොත ලිව්වා වගේ දැන් ලියන්න  ඕන, විදුලිබල මණ්ඩලය ගොඩ යන්නේ කොහොමද කියලා. විදුලි බල මණ්ඩලය රටටම ආලෝකය දුන්නත් මණ්ඩලය අඳුරේ.

විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය කියන මේ ආයතන තමයි මේ රටේ දුප්පත්කම වැඩි කරන්නේ. මොන ආණ්ඩුව ආවත්, කවුරු බලයට පත්වුණත්, කවුරු ජනාධිපති වුණත් මේ රටේ දුගීභාවය ඇති කරන ප‍්‍රධාන ආයතන මේවායි.

ඒනිසා ආණ්ඩුවක් විදියට මේ ආයතනවලින් රට ගොඩගැනීමට තීන්දු තීරණ ගත යුතුයි. ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට වඩා මේ ආයතනවලින් රට බේරා ගැනීම අමාරුයි.

දුප්පත්කමින් රට බේරා ගැනීම සඳහා මා කියූ ආයතන ඇතුළු විදුලිබල මණ්ඩලය ගොඩගැනීමට දෙවියන් වහන්සේ කවුරු හරි කෙනෙක් එවාවි යැයි ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28863 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18208 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11238 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site