(යොහාන් භාසුර)
විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බවත් ඉන් කෝටි 4400 ක් විදුලිබල මණ්ඩලයට ද, කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ද, ගෙවියුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම පාරිභෝගිකයන්ට මේ මස බිල ගෙවීම අනිවාර්ය කර හිඟ බිල්පත මාස තුනක් තුළ කොටස් තුනක් යටතේ ගෙවීමට අවස්ථාව ලබාදෙන බව කී ජනක රත්නායක මහතා එසේ නොමැති වුවහොත් එම ආයතන දෙක හිඟ බිල්පත් සම්බන්ධයෙන් අනුමගමනය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන විදුලිය විසන්ධි කර ඉදිරි කටයුතු කිරීමට අනුමැතිය දුන් බව ද සඳහන් කළේය.
රට ජාතික විදුලි අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ නියමිත බිල්පත් ගෙවා සහයෝගය දැක්විය යුතු බව ද ජනක රත්නායක මහතා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලි පාරිභෝගිකයන්ගෙන් කෝටි 5000 ක පොල්ලක්
wicky Thursday, 17 February 2022 01:51 PM
විදුලිය පාවිච්චි කරනවා නම් එම සේවාවට අදාල මුදල් නිසි වෙලාවට ගෙවීම පාරිභෝගිකයන්ගේ යුතුකමක්... හැබැයි විදුලිය කපනවා නම් ඒ පිළිබඳ දැනුම් දීමත් වගකීමක්. ලෙකො ඇප් එකේ කිසිම නෝටිෆිකේෂන් එකක් නැත. එස්.එම්.එස්. එකක් වත් එවන්නේ නැත.
sharm warn Thursday, 17 February 2022 02:45 PM
ඔය කියන පොලු තියපු කට්ටියගේ ටොප් ලිස්ට් එක පොඩ්ඩක් ප්‍රසිද්ධ කරන්න බැරිද මහත්තයෝ? නමයි, හිඟමුදලයි එක්ක... අහිංසක දේශපාලුවෝ එහෙමත් ඉන්නවද කියලා අපිට දැනගන්නත් එක්ක. මොකද අපි නම් පොලු තියලා නැහැ.
චන්දන Thursday, 17 February 2022 04:56 PM
රජයෙන් යමක් බලාපොරොත්තු වනවා මෙන්ම ජනතාවත් තමන්ගේ වගකීම ඉටුකළ යුතුයි. බිල්පත් නොගෙවන අයගේ විදුලිය විසන්ධි කිරීම කළ යුතුයි.