
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද පාරිභෝගිකයා විශ්වාසවන්තව විද්‍යුත් මෝටර් රථ මිලදී ගන්නවා. නමුත් ඒ සඳහා බැටරි ආරෝපණ මධ්‍යස්ථාන නැහැ. ඊළඟ අයවැයෙන් මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි.
ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත්. පුනර්ජනනීය බල ශක්තිය උපරිම වශයෙන් පද්ධතියට ඇතුලත් කොට එමගින් මෝටර් රථ චාර්ජ් කළ හැකි නම් එය ඉතා වටිනවා.මේ රටේ ප්‍රවාහන පද්ධතිය විද්‍යුත්කරණයට ලක් කිරීමෙන් අපට බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි කාර් චාර්ජ් කරන තැන් රට පුරා හදන්න
Lalith Thursday, 21 August 2025 10:05 PM
හදන්න හදන්න කිව්වාට නිකන්ම බැහැ. V240- ලෙවල් 1 චාජරයකින් චාජ් කළොත් මුලුමනින්ම චාජ් වෙන්න පය තිය හැටලිහක් යනවා. ඒ නිසා ලේබල් 2 චාජරයක්වත් අවශ්‍යයි. ඒකෙන් උනත් පය 4-5 යනවා. ලෙවල් එකේ චාජරයක් නම් ඉතාම ඉක්මනින් විනාඩි ගණනකින් චාජ් වෙනවා. නමුත් ලක්ෂ දෙතුන් සීයක් යනවා සවි කරන්න. ඔය වාහන ගෙනාවා වගේ නෙමෙයි, අන්තිමේ අපටම තමයි කෙළවෙන්නේ.
Perera Friday, 22 August 2025 06:20 AM
විදුලි කාර් එකකින්ර දුර ගමනක් යන්න ගිහින් සුදුසු ආරෝපණ ස්ථාන හොයගන්න නැතුව හොඳ පරිප්පුවක් කෑවා.
prabash Friday, 22 August 2025 12:46 PM
හොඳ අදහසක්... අලුත් දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ටිකක් ප්‍රශ්න එනවා. නමුත් මේ දේවල් කළ යුතුයි. නැතිනම් අපි හැමදාම එකම තැන.