
(ගයාන් සූරිය ආරච්චි)
ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ බෑගයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 8 ක් සහිත පතුරන් ගැබක් සොයා ගත් බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි.
ගුවන්තොටුපොල සේවකයන් ගුවන්තොටුපළට ඇතුළුවන දොරටු වෙහි ස්කෑන් යන්ත්‍රයට මෙම පතුරන් ගැබ හසු වී ඇති බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් පොලිසිය කළ සොයා බැලීමකදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම වෛද්‍යවරයාට එම ගිනි අවියක් සහ උණ්ඩ 15 කට ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට බලපත්‍ර ලබා දී ඇති බව අනාවරණය වී ඇත.
ගුවන්තොටුපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිසන් තියෙනවානම් මොනවටද විමර්ශන?