
(නිමල කොඩිතුවක්කු)
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පානීය ජල බෝතල් මිලි 500 රු.70/-ට ද ලිටර් 1 රු.100/-ට ද ලිටර් 1.5 රු .130/-ට ද ලිටර් 2 රු .160/-ට ද ලිටර් 5 රු .350/-ට ආදී ලෙස දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.
එම මිළට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් විකිණීම නොකළ යුතු බවත් නව මිල ගණන් යටතේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කවර මිලක් සටහන්ව තිබුණ ද එම පානීය ජල බෝතල් ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd