IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ  මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය  ලබන 09 දීර්ඝ කිරීමට   කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (25) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව මැයි 28 පැවරු නඩුව කැදවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ  කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ  කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.
විත්තියේ විරෝධතා සහ උත්තරය එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

පැමිණිලිකාර ලසන්ත අලගියවන්න මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතා කරුණු දැක්වීය.විජයදාස රාජපක්ෂ මහතා සභාපතිවරයා වශයෙන් පත්කළ බව කියන මැයි මස 12 දින පැවති විධායක සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පවසමින් මෙම නඩුව ගොනු කර ඇත.


 

 



අදහස් (3)

විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි

siri Tuesday, 25 June 2024 01:18 PM

මෙයා ඇමැති වෙලා ඔහොම නම් ජනපති වුණොත් කොහොම හිටිවිද අධිකරණය ගණන් ගන්නේ නැතුව යාවි

:       2       11

nanda Tuesday, 25 June 2024 02:30 PM

ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ සිදු වෙන්නේ උත්තරීතර වැඩමද? වංචා දූෂණ හොරකම් අහන්න නැතිවෙන දවසක්නම් උත්තරීතරයි කියලා හිතන්න පුළුවන්

:       0       2

චන්දිම Tuesday, 25 June 2024 02:34 PM

මහා කපටි කයිරාටික කොයි වෙලෙත් රටේ මිනිස්සුන්ට පුළුවන් තරම් අහිතකර නීති හදන්න දඟලන වාසි අතට හැරෙන කෙනෙක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site