
(සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
එම විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබූ බ්‍රිගේඩියර්වරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු කීය
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට
C.K.Lankaputhra Sunday, 24 August 2025 10:48 AM
මැදිරි ගොඩක් තියන සොරකම් මනුෂ්‍ය ගාතන සහ අපරාද නම් දුම්රිය ගමන් අරඹා ඇති බවයි. අහිංසකයන් මේ කෝච්චියට ගන්නෑ.
Ajith Sunday, 24 August 2025 12:30 PM
ඒ වුණාට නාමල් පෙරේරාට පහරදී මේ නඩුවේ සැකකරුවන් නිදොස් කොට නිදහස්. හේතුව වින්දිතයා නිලධාරීන් වෙත යොමු කර නොතිබූ නිසා...
Nishan Monday, 25 August 2025 06:12 AM
මේවා නම් බොරු ෂෝ. දැන්ම කියන්නම්...
Bunny Preena Monday, 25 August 2025 10:09 AM
පමාවී හෝ වින්දිත පාර්ශවයට සාධාරණය ඉෂ්ට කිරීමට නව රජය කටයුතු කිරීම සතුටුදායක පුවතක්. අදහස් ප්‍රකාශ කිරීමේ සාධාරණ අයිතිය දේශපාලකයින්ට, සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදින්ට තිබිය යුතුය. අපි සැමදෙනාම එම අයිතියට ගරු කළ යුතුය.