
(සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
එම විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබූ බ්‍රිගේඩියර්වරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදිරි ගොඩක් තියන සොරකම් මනුෂ්‍ය ගාතන සහ අපරාද නම් දුම්රිය ගමන් අරඹා ඇති බවයි. අහිංසකයන් මේ කෝච්චියට ගන්නෑ.
ඒ වුණාට නාමල් පෙරේරාට පහරදී මේ නඩුවේ සැකකරුවන් නිදොස් කොට නිදහස්. හේතුව වින්දිතයා නිලධාරීන් වෙත යොමු කර නොතිබූ නිසා...
මේවා නම් බොරු ෂෝ. දැන්ම කියන්නම්...
පමාවී හෝ වින්දිත පාර්ශවයට සාධාරණය ඉෂ්ට කිරීමට නව රජය කටයුතු කිරීම සතුටුදායක පුවතක්. අදහස් ප්‍රකාශ කිරීමේ සාධාරණ අයිතිය දේශපාලකයින්ට, සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදින්ට තිබිය යුතුය. අපි සැමදෙනාම එම අයිතියට ගරු කළ යුතුය.