IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලීස් ට්‍රස් මහා බ්‍රිතාන්‍ය අගමැති පුටුවට

ලන්ඩනයේදීය (රොයිටර්)

මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට‍්‍රස් දිනා ගත්තාය.

ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර රිෂී සුනාක් හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි.

ඒ අනුව 47 හැවිරිදි ලිස් ට‍්‍රස් ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය.

බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැතියේ ලිස් ට‍්‍රස් සහ දි රිෂී සුනාක් අතරේය.

රිෂී සුනාක් බි‍්‍රතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්)යි. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. ඔහුට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම්, එම ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයා සුනාක් වනු ඇත.

පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක‍්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප‍්‍රතිඵල අද ප‍්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව, ලිස් ට‍්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව ලිස් ට‍්‍රස්ය .

 



අදහස් (7)

ලීස් ට්‍රස් මහා බ්‍රිතාන්‍ය අගමැති පුටුවට

චන්දන Monday, 05 September 2022 08:18 PM

ලංකාව තවත් කඩඉමක් පැන්නා...

:       0       15

AnjanaTuesday, 06 September 2022 04:43 AM

දන්න දෙයක් කතා කරන්න චන්දන, හැමදේටම හොට දාන්නේ නැතිව..

:       0       0

සඳුන් Monday, 05 September 2022 08:40 PM

ඇයි අපටත් ඉන්නවා ලීස්ට් ට්‍රස්ට් ජනපති කෙනෙක්... එයා දියවන්නාවෙන් මතුවුණු කෙනෙක්...!

:       0       0

Bamunuarachchi Tuesday, 06 September 2022 08:04 AM

නමේ හැටියට විශ්වාසය අඩු කෙනෙක් නේද අගමැති වෙන්නේ? මහා බ්‍රිතානයේ එහෙමනම් මේ පුංචි ලංකාවේ කොහොම උනාම මොකෝ මචෝ?

:       12       2

senaTuesday, 06 September 2022 12:07 PM

හරියටම හරි මචෝ. ඔය බොරුවට පුම්බලා විස්වාසය හදලා ගේන අයියලා ඉන්නව නේද සත පහක වැඩක් කරගන්න බැරි උදවිය. පේනවනේ අපේ රටට වෙච්ච දේ.

:       1       4

BamunuarachchiTuesday, 06 September 2022 12:27 PM

ඔය ඩිස් ලයික් දාන හාදයෝ කියවල බලපල්ලා එයාගේ නම මොකක්ද කියා. ලීස් = අඩුම, ට්‍රස් = විස්වාසය. ඩෝන්ට් ට්‍රස් උනානම් විස්වාස කරන්න එපා.

:       6       2

Muditha Tuesday, 06 September 2022 12:46 PM

ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබාදුන් අතර රිෂී සුනාක්ට හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි. රනිල්වත් පත්කළ යුත්තේ මේ ආකාරයටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site