(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කළ බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව අවධානය යොමු කළ බව කියන විදුලිබල මණ්ඩලය පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විදුලිබල අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ගැනීමේ හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරු සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි
ravin Sunday, 05 March 2023 10:53 AM
ප්‍රථමයෙන් ප්‍රතිව්‍යුහගත කලයුතු තැන ගැන පොදුජනයාට මනා අවබෝධයක් ඇත
jayathilake Sunday, 05 March 2023 07:42 PM
රට සහ රටේ කර්මාන්ත විනාශ කිරීමට දායක වූ ප්‍රධානම ආයතනය... 1000කට අධික පින්පඩි ඉංජිනේරුවන් නිසා...
K nissanka Monday, 06 March 2023 06:57 AM
මේක ඉත හොඳයි... පාඩු ලබන ආයතන ජනතාවට බරක්...!