
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.
ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.
පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ තෙවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ඊයේ (04) වොෂිංටන් නුවරදී මාධ්‍ය හමුව පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විරිඩ්සෙන්කා සහ නේවාසික නියෝජිත මර්තා ටෙස්ෆායේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. ඒත් එතකොට අපි..? අපිට මොකද වෙන්නේ..?
අනේ යන්න සුද්දෝ යන්න.
පාණ්ඩුවේ ඇම්බට්ටයනි ඔන්න උඹලට එල්ලෙන්න පිදුරු ගහක්, දැන් ඕක පාවිච්චි කරලා විදුලි බිල වැඩි කරන එක හෝදපල්ලා
ඔන්න පැන්න බළල මල්ලෙන් එළියට
ලිදට වැටුණ මිනිහා ලිං කටෙන්ම එලියට එන්න ඕනලූ, එවගේ තමයි මේකත් රනිල්ලා රාජපක්ෂලා රට බංකොලොත් කරලා විතරක් නිකම් හිට්යේ නැහෑ ලෝක බැංකුව නැමති මරාලයෙත් එල්ලුවා රට. දැන් ඒ මරාලයෙන් මේ ආණ්ඩුවටත් ගැලවෙන්න බැහැ ඒ නිසා පීටර් බෘවර්ලා තමයි තීරණය කරන්නේ අපි වේල් කීයක් කන්න ඕනද පැය කීයක් වැඩ කරන්න ඕනද පැය කීයක් නිදා ගන්නවද කියලා.
අයිඑම්එෆ් එක තමයි කවදා හරි එන්පිපි ආණ්ඩුව නැතිකරන්නේ, ඡන්දෙට කලින් එන්පිපි එකට චන්ඩි පාට් දැම්ම අනුර දැනු බලු වෙලා ඉන්නේ.
ඡන්දෙ දීලා ආණ්ඩු පත්කර ගත්තට වැඩක් නැහැ. IMF එක තමයි රට පාලනය කරන්නේ... මේ රටේ බලය ගන්න පක්ෂ ඔක්කොම එකයි. හැමදාම ජනතාව රැවටෙනවා.
රටේ මිනිස්සුන්ට හරි හැටි ආදායමක් නැහැ. ලැබෙන මාසික සොච්චම් මුදලින් මේ විදිහට බු ගහලා රට හදන්න පුළුවන්ද? කෝ නිෂ්පාදන ආර්ථිකය කියන කතාව...? සිරිමාවෝ මැතිණිය ආසියාවේ ණය නැති රටක් විදිහට තියාගත්තා. 1977න් පසුව තමාම ඒ වගේ යහපත් පාලනයක් පේන්න නැහැ.
මේ මෝඩ ආණ්ඩුව ඇයි එහෙම අවදානමක් අරන් බිල අඩු කරේ.. හරි ගොන් අප්පා...!
IMF එක වැඩ වර්ජන මේ වෙලාවේ කරන්න එපා කියලා.., පටි තද කරගන්න කිව්වා. එතකොට හොඳයි. හැබැයි හැමෝටම බලපාන මෙහෙම දෙයක් කිව්වාම කැමැති නෑ. කාට කාටත් තමන්ගේ බඩට වදිද්දි තමයි තේරෙන්නේ...
ඇයි මේ හැමෝම IMF එකට බනින්නේ? ඒ මනුස්සයා කියලා තියෙන්නේ ආපහු විදුලිබල මණ්ඩලේ පාඩු නොලබා කරගෙන යන්න උපදෙසක්, දැන් ආණ්ඩුවට පුළුවන් මේ මනුස්සයා කියන දේ අහන්න. නැත්නම් වෙන විදිහකට මණ්ඩලේ වියදම් කපාහරින්න... නැත්නම් රනිල්ලා, මහින්දලා බංකොළොත් වෙන්න කලින් රට කරා වගේ ඔහේ ගණන් ගන්නේ නැතිව පාඩු පිට දුවලා රජයට මෙම ආයතන නඩත්තුවට යන වියදම් පියවා ගන්න තව තවත් ණය ගන්න...
රටේ තීරණ ගන්න බැරි නම් ජනාධිපති කෙනෙක් මොකටද ඇහුවා. ගෝඨා අයි.එම්.එෆ් නොයන්නේ කොමිස් ගන්න බැහැ හින්දා කිව්වා...
පාඩු අවම කරගන්න නම් හොඳ කල්මනාකරිත්වයක තිබිය යුතුයි. ඔය ආයතන වල ගොඩක් ඉන්නේ වැඩ නැති පඩි ඇති කණ්ඩායම්... අනිත් එක හරි තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වෘත්තීය සමිති mafia එක හින්දා, රාජ්‍ය ආයතනවල වැඩිපුරම තියෙන්නේ වුර්තිය සමිති පාලනයක්...
මේ අරවින්ද කිව්වොත් කියන්නේ හරක් කතාවක්. වහල්කමේ සීමාවක් තියාගන්න.
ජනාදිපතිකමත් IMF එකටම දුන්නම් අරි. ලපයාගේ සේර්ම බොරු දැන් එළි වෙනවා. ජෙප්පෝ කලින් IMF එකට මොන මොන දේවල් කීවාද? දැන් ඔවුන්ගේ පදේට ලස්සනට නටනවා.
සජිත් හර්ෂ මොකද කියන්නේ? තමුන්නැහැලා ආවා නම් වෙන විදියකටද සලකන්නේ? මෙහෙමවත් ජනතාවට සහන දෙන එක ගැන ස්තූති කරන්න ඕනෑ. ෂෙඩ් කාරයෝ පැත්ත අරගෙන හිටපු විපක්ෂයක් අපට ඉන්නේ...!
ලිඳට වැටුණු මිනිහට අරවින්ද ඇන්නා වගේ...
ජා.මූ.ල කියන කියන දේ කරන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා විපක්ෂේ ඉන්න කාලේ අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාවෝ ඇහුවානේ. දැන් තියෙන්නේ ඒකට උත්තරේ දෙන්න.
සේදීම කලාවක් නම් අරවින්ද මොනරවිල එහි පිකාසෝ කෙනෙකි. ලැජ්ජා නැති වුණාම ඉතින් තව මොනවාද?
රජයේ ආධායම දිනකට රුපියල් බිලියන 5 කි වියදම රුපියල් බිලියන 7 කි , මෙම වියදම් වලින් වැඩි කොටසක් වියදම් වෙන්නේ නය සහ පොලිය ගෙවන්න ,රජයේ සේවකයන්ගේ වැටුප් , දීමනා සහ අනෙකුත් පහසුකම් සපයන්න , අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ රටේ සිටිති , නමුත් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලැබෙන්නේ නැත , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි නඩතුවද ආණ්ඩුව විසින් කරනු ලැබේ , රජයේ ස්වාකයන් ගෙන් 50% පමණ ඉවත්කර , ඉතුරු ටික නිසිලෙස ප්‍රති වියුහගතකරගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සියලු පාඩු ලබන දේවල් වසා දමා වියදම් අඩු කලොත් අහර ද්‍රව්‍ය වලට ගහන බදු , විදුලි බිල් කිසිම ප්‍රශ්නයක් නැතුව අඩු කල හැක . මේ විදිහට විදුලි බිල් , විවිධ බදු වැඩි වුනොත් , රජයේ කන්තෝරුවකින් වැඩක් කරගන්න පෝලිම් වල ලගින්න වුනොත් , ගමනක් බිමනක් යන්න පොදු ප්‍රවාහන සේවා අවුල් වුනොත් , තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම රට හැර යාවි
IMF එක කියවනවට ලයිට් බිල වැඩි කරනවා නම්, පාඩු ලබන රජයේ ආයතන ශ්‍රී ලන්කන් බංකොළොත් ආයතන වැනි ඒවා නැවත පිළියෙළ කරන්න. ඒකත් IMF කිව්වා...
පොඩ්ඩක් ඉඳහල්ලකෝ ඡන්දෙ ඉවර වෙනකන්.... වැඩි කරන්නම් ලොවෙත් නැති වෙන්න... මීට මෙට්‍රික් ටොන්...
කිසිම වැඩක් මේ රජයට කරන්න දෙන්නේ නෑනේ .දැන් කාලකන්නි දොස්තරලා ඇවිල්ලා
ඔය කියන අති දක්ෂ පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් දැන් රට හැර ගිහින්. ඉන්න අයගෙනුත් වැටුප් දිනා කැපුවම එයාලත් යයි. නිෂ්පාදනය වියදමට අඩුවෙන් විකූණුම් මල් තීරණය කලාම ඔහොම වෙනවා. බුකියේ අයට තේරුම් ගැනීමට බැරි ඇයි.
සූර්ය කෝෂ, සුළං බලය වැනි දේ තව දුරටත් ව්‍යාප්ත කිරීම හරහා විදුලි ජනන පිරිවැය තව දුරටත් අඩු කළ නොහැකිද?
මේ ආණ්ඩුවේ නායකයෝ චන්දෙට කලින් කියපුවා දැන් එයාලට මතකත් නෑ චන්දේ දීපු අයට මතකත් නෑ. මතක නැද්ද විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරනවා කිව්වා ඉතා ඉක්මනින්. ජනවාරියේ කරපු අඩු කිරිල්ල කලෙත් උපයෝගිතා කොමිසම මිසක් ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුවට කිසි දවසක විදුලි බිල අඩු කරන්න උවමනාවක් තිබුනේ නෑ. පවු අසරණ චන්ද දායකයෝ පුදුම විදියට රැවටුනේ.
ගෝඨා IMF නොයා ඉන්න හැකි උපරිම උත්සාහය දැරුවේ මේ නිසාය.හැකිතාක් ඩොලර් නීත්‍යානුකූලව එවා අසීරු කාලය ගෙවා ගැනීමට කවුරුත් ඔහුට උදවු කලේ නැත. බොරදියේ මාලුබා ඔහුව ගෙදර යැව්වා පමණි.