IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලබන වසරේ සිට බේත් හිඟයක් නෑ

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ  අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ රෝහල් මගින් ජනතාවට නොමිලේ ලබා දෙන ඖෂධ තත්ත්වයෙන් උසස්, ගුණාත්මක ඖෂධ බවට සහතික වන බව කී අමාත්‍යවරයා වර්තමානයේ දී ඖෂධ මිලදී ගැනීමේ සිට රෝගියාට ඖෂධ නිකුත් කිරීම දක්වා සිදුවන ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයෙන් සිදුවන බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක, මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා (Marc-André Franche) මහතා සමග පැවති විශේෂ හමුවකදීය.මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන්ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.



අදහස් (6)

ලබන වසරේ සිට බේත් හිඟයක් නෑ

JAYALAL Thursday, 12 June 2025 05:00 PM

ඇයි කෙහෙලියව සෞඛ්‍ය ඇමති කරනවද

:       0       0

ගුණරත්න Thursday, 12 June 2025 07:52 PM

කවුරුහරි මේ මහත්තයට කියන්න ලබන අවුරුද්ද වෙන්න තව මාස 6කම තියෙනවා කියල. ගිය මාස 6 ට බෙහෙත් හිඟය නැති කරන්න මොනවද ගත් පියවර කියල. මෙහෙමත් කාලකන්නි ආණ්ඩුවක්

:       0       2

යෝගා Thursday, 12 June 2025 09:28 PM

ලබන වසර වෙනකොට දැනට ඉන්න ලෙඩ්ඩු සේරම මැරිලා ඉතුරු අය ලෙඩ නොවෙන්න තීරණය කරලා. ඒකයි ඔය නලින්ද කියන්නේ. එයාට කරන්න බැරි දෙයක් නෑ.

:       1       8

Toni Friday, 13 June 2025 02:39 AM

ලබන අවුරුද්දේ ඉඳලා මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නේ නැහැ

:       0       5

Chandana Friday, 13 June 2025 11:08 AM

කයිවාරුවයි ,කෙරුවාවයි කොහොමද ?

:       0       3

prasanna Friday, 13 June 2025 02:37 PM

දැනට නම් පච හිඟ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site