
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ රෝහල් මගින් ජනතාවට නොමිලේ ලබා දෙන ඖෂධ තත්ත්වයෙන් උසස්, ගුණාත්මක ඖෂධ බවට සහතික වන බව කී අමාත්‍යවරයා වර්තමානයේ දී ඖෂධ මිලදී ගැනීමේ සිට රෝගියාට ඖෂධ නිකුත් කිරීම දක්වා සිදුවන ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයෙන් සිදුවන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක, මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා (Marc-André Franche) මහතා සමග පැවති විශේෂ හමුවකදීය.මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන්ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කෙහෙලියව සෞඛ්‍ය ඇමති කරනවද
කවුරුහරි මේ මහත්තයට කියන්න ලබන අවුරුද්ද වෙන්න තව මාස 6කම තියෙනවා කියල. ගිය මාස 6 ට බෙහෙත් හිඟය නැති කරන්න මොනවද ගත් පියවර කියල. මෙහෙමත් කාලකන්නි ආණ්ඩුවක්
ලබන වසර වෙනකොට දැනට ඉන්න ලෙඩ්ඩු සේරම මැරිලා ඉතුරු අය ලෙඩ නොවෙන්න තීරණය කරලා. ඒකයි ඔය නලින්ද කියන්නේ. එයාට කරන්න බැරි දෙයක් නෑ.
ලබන අවුරුද්දේ ඉඳලා මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නේ නැහැ
කයිවාරුවයි ,කෙරුවාවයි කොහොමද ?
දැනට නම් පච හිඟ නැහැ