(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර සඳහා (2022) වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12වැනිදා සිකුරාදා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
භූමි සම්පත් හැකිතාක් උපරිම වශයෙන් කාර්යක්ෂමව යොදා ගැනීම, ඇති හැකි අය නොව නැති බැරි අය දිනවීම සහ නිෂ්පාදන ආර්ථිකය කේන්ද්‍රකරගත් අයවැයක් මෙවර ඉදිරිපත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙය මෙරට 76වැනි අය-වැය ලේඛනය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළ හතක් තියෙන ඇමතියෙක් පළමුවතාවට ඉදිරිපත් කරන අයවැයනේ. සුපිරියටම තියෙයි. ආයේ මොනවද.?