(යොහාන් භාසුර0
ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.
ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 5,000 ක් බැරකර ඇති බව කියන ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව භාණ්ඩාගාරයට විශාල ශක්තියක් වන මෙවැනි සමාගමක් ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ පැහැදිළි නොමැති බව ද සඳහන් කරයි.
එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම කාලෝචිත නොවන බවත් ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ළගා කරගැනීමට නොහැකි බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව එසේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 සිට 2022 දක්වා පාඩුවත් මේත් එක්කම දැම්මා නම්...? එම වකවානුව තුළ වැඩි වුණු සේවක ප්‍රමාණය? දැනට සිටින සම්පූර්ණ අතිරික්ත සේවක ප්‍රමාණය...?
මෙහෙම ලාභයක් ඉපයුයේ නම් එක් දහස් ගානේ ගෑස් සිලින්ඩරය , රුපියල් පන්දහස් ගණනකට නැංවූයේ මන්ද ? අද මහා භාණ්ඩාගාරයට යවන්නේ ජනතාව මත බර පටවා ලැබූ අධික ලාභය නොවේද ? මෙවන් සියලුම ආයතන පෞද්ගලීකරණය කොට රටේ ජනතාවට සහනයක් ලබා දීම විය යුතු බව පුරවැසියන්ගේ අදහසය. ( රටේ පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම කළ යුතුම දෙයකි.)
අස්වාභාවික විදිහට ගණන් යවලා, මිනිස්සුන්ගෙන් මංකොල්ලකාලා, සියලුම වංචා, දූෂණවල එකතුවත් ගෑස් එකට එකතු කරලා... බෝනස් ගාණත් GASA එකටම එකතු කරලා ලාබ පෙන්නන්න අපේ ආයතන...
රජය වියාපාර කරන්න ගියොත් දේශපාලකයන් සහ නිලදරියො එකතු වෙලා හොරකම් කරනව, අනාගතෙඩි අනිවර්යයෙන් පාඩු ලබනව එහෙම වුනහම ඔවගෙ පාඩු පියවන්න ඔනෙ ගෑස් මිල ඉහල දමල බර දරන්න වෙන්නෙ පාරිභොගිකයට , එහෙම නැතිනම් පාඩුව දරන්න වෙන්නෙ මහාභාණ්ඩාගරෙට , භාන්ඩාගාරෙ මුදල් නැතිවුනම විදින්නෙ අපෙ EPF එකට , අන්තිමට පාඩු විඩින්නෙ රටේ ජනතව , පුද්ක අන්ශෙට ඔක දීල ගෑස් වලට මිල සුත්‍රයක් නියම කරන්න , ප්‍රශ්නෙ විසදෙනව , ඔය ස්ට්්‍රයික් වලට පෙර මෙන් දැන් ජනතා සහයෝයක් නොලබෙන බව සිතට ගන්න
මේවා හොඳ හොර ගුහා... ඉන්න අය හොඳට කනවා ඇති... ඉක්මනට පුද්ගලීකරණය කරන්න...