
(යොහාන් භාසුර)
‘ලිට්‍රෝ’ ගෑස් සමාගමට වර්තමානයේ ගෑස් සපයන සමාගමට නැවත සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාදුන හොත් රට අහිමිවන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක් බව ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට අවාසිදායක ණය කොන්දේසි යටතේ එළඹ ඇති එම ගිවිසුම ලබන වසරේ පෙරවාරි මස 28 වැනිදා අවසන් වන බවත් එම සමාගමට වඩා ඩොලර් 100 ක් අඩුවෙන් ගෑස් සපයන ආයතනයක් සමඟ කෙටිකාලීන ගිවිසුමකට ’ලිට්‍රෝ’ ගෑස් සමාගම මේ වන විටත් එළඹ සිටින බවත් සභාපතිවරයා කීය.
ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න ලබාගත හැකි බව කී සභාපතිවරයා වර්තමාන ගිවිසුම පරිදි වැඩි මිලට ගෑස් ලබාගැනීම හරහා කව්රුන් හෝ අනිසි ප්‍රතිලාභ ලබා ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකක්ද මේ ? අද උදේ වෙන දෙයක්නේ තිබුනේ ? ඊයේ රූපවාහිනියේ සිංහනාද දුන්නේ වෙනත් දෑ කියලානේ ?
නාස්තිය දූෂණ වංචා නිසා නාස්තිවන මුදල් සම්භාරය රැකගතහොත් රාජ්‍යපරිපාලනයට වෙන මුදලක් අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ ඒ සදහා පන ඇති රාජ්‍ය තන්ත්‍රයක් පමණි. රටේ ජනතාව ඊට අකමැතිවීම රටේ අභාග්‍යය මිස අන් කවරක්ද?
මේ අණ්ඩුවේ අරක්ගෙන සිටින්නේ දූෂිතයෝ නාස්තිකිරයෝ. දූෂිතයින්ගෙන් තොර රජයක් පිහිටුවා ගැනීම කාලීන අවශ්‍යතාවකි.