
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 60කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසීය.
අප්‍රේල් 11,12 හා 13 යන දිනවල ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් කෝටි 20 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කළේය.
අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ ධාවනයට එක්කළ බවක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මගෙ ඔළුවත් කකියනවා මේ කියන ගණන් ටික කියවලා? හම්භකරනවට වඩා ගණන් හදන එක අමාරු විත්තිය, තේරුණේ දැන් තමයි
මේ කියලා තියෙන්නේ මොකක්ද කියලා හරියටම කියලා දෙනවද? අවුරුදු තෙදිනේ දිනකට කෝටි 600කට ආසන්න ගණනක් (දින තුනට කෝටි 1800ක්) උපයා ඇති බව කියන අතරම නැවත කියනවා දිනකට කෝටි 20ක් (දින තුනට කෝටි 60ක්) උපයා ගැනීමට සමත් වුනා කියලා
සූපිරි,
ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඉන්නේ සීමිත පිරිසක් පමණි...
ඔය වාර්තාගත ආදායම ලැබෙන්නේ තරඟයක් නැති අවුරුදු මාසේ දවස් දෙක තුනක විතරයි, අනිත් දවස් වලට හුළං. දුම්රිය සේවයත් එහෙමයි. අධිවේග මාර්ගයත් එහෙමයි.
මාටියා ගභන කොන්දෙක් තමයි ගණන් භදලා තියෙන්නේ..
වියදම කොහොමද?
ආදායම් ගැන විතරයි කථා කරන්නේ. වියදම් කොහොමද? ආදායම ලොකු වුණාට, සමස්තයක් වශයෙන් ලාභ හෝ පාඩු හෝ ලබන එකයි වැදගත්.
දුම්රියේ තත්ත්වය කොහොමද?