
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රී.ලං.ග.ම) ශක්තිමත් කිරීම සහ සේවක අයිතීන් සුරක්‍ෂිත කිරීමට අවශ්‍ය අරමුදල් සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 16,000 ක් හෙවත් රුපියල් කෝටි 1600 ක් වෙන්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යොමු කර තිබේ.
විධිමත්ව නියමිත දිනට සේවක වැටුප් ගෙවීමට, පාරිතෝෂිත ගෙවීමට, සේවක වැටුප් වැඩි කිරීමට, ණය ගෙවීමට සහ අර්ථසාධක අරමුදලක් විධිමත්ව අඛණ්ඩව බැංකුගත කිරීම යන පුනරාවර්ථන වියදම් සඳහා රුපියල් මිලියන 14,000 ක් ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 2,000 ක් ද, ලෙස මෙම රුපියල් මිලියන 16,000 වෙන්කරන ලෙස එම සංගමය වැඩි දුරටත් ඉල්ලා සිටියි.
එම මුදල ප්‍රවාහන අමතා්‍යංශ යටතේ වෙන්කරන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd