IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’

(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත්  සිය නිර්මාණවලින්  ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

අසූ අට අසූ නවය කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ සහෝදරියක සහෝදරයෙකු ගැන මූලික කරගත්  සෞන්දර්යාත්මකව  ප්‍රතිනිර්මාණය කෙරුණු  නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන බවත් ඔවුන් එය නොලියන්නේ ජනතා  විමුක්ති පෙරමුණ  නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා  බවත් ඔහු  ප්‍රකාශ කළේය.

මිනිසා එවැනි නිර්මාණ බිහි නොවන බවද  අමාත්‍යවරයා පැවසීය.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (20)

’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’

wedage Monday, 08 September 2025 03:28 PM

සියල්ලම ඇත්ත...

:       25       33

ගුණරත්න Monday, 08 September 2025 03:46 PM

89 සහෝදර සහෝදරියෝ? ඒ කාලේ හිටියේ මිනීමරු ත්‍රස්තවාදීන්, ඔවුන් නම් කුහකයි තමයි.

:       49       89

කපුරුහාමි Monday, 08 September 2025 05:56 PM

ඊට පසුව හිටපු අය යහ පාලනේ, ධර්මිෂ්ඨ සමාජයක් ගෙන ගියාද?... දූෂිත පව්ල් පාලනේ උදවියත් රටටම ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්නපු අයනේ...

:       0       0

primeshika Monday, 08 September 2025 03:54 PM

සමාජ පරිවර්තනය කෙසේ වෙතත් කුහක වැඩ නන් ගොඩක් නවකතාවේ ලියන්න පුලුවන්. ආන්ඩුවට මුදල් ලැබෙන එක වළක්වන්න විදුලි මීටර් පොලු වලින් ගහලා කුඩු කරපු හැටි, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරලා පළාතම අදුරේ තියලා ජන ජීවිතයට බාධා කරපු හැටි වගේ කුහක වැඩ නොලියා නව කතාවක් ලියන එක හරි අමාරුම වැඩක් නෙමේ කරන්නම බැරි වැඩක්...

:       39       86

Indika Monday, 08 September 2025 04:17 PM

ලන්කාවේ ඉන්න කුහකම මිනිස්සු තමයි ජෙවීපී කාරයෝ... ඒව්වගේ කුහකයින් ගැන ලියන්න කැමති කුහකයෙක්ම තමා... ලංකවේ ලේඛකයෝ කුහක නැහැ...

:       39       87

මැක්ස් Monday, 08 September 2025 04:49 PM

ලාල් ඇමතිගේ කතාව ඇත්තයි. බොහෝ ලේඛකයෝ එසේයි. නමුත් වෙනත් අර්ථයකින් ය. මේ රටේ ප්‍රගමණයට සත පහක වැඩක් නොකළ එසේ ම නිතර ම රටේ අවගමනය වෙනුවෙන් ම වැඩ කළ ජවිපෙයට හීන් සීරුවේ සුදු හුණු ගාන්නේ ලේඛකයන් යැයි කියා ගන්නා අහීනය. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වාලේ ලේඛකයින්ට මෙය අදාළ නොවුණත් මෑත දී පෑන අතට ගෙන සම්මාන ද ලබා ගන්නා ලේඛක පිරිස විලිලජ්ජාවක් නැතුව කඩේ යන්නේ මාලිමාවටයි. පසුගිය මැතිවරණවල දී ඒ බොහෝ දෙනා තම ලේඛක පට්ටම ඒ වෙනුවෙන් යොදා ගෙන මේ වන විට විවිධ මංඩලවල තනතුරු ද ලබා ගෙන ඇති සැටි විමසා බැලීමෙන් ඒ වග අවබෝධ කර ගත හැකියි.

:       9       52

Asela Monday, 08 September 2025 05:22 PM

එවකට ත්‍රස්තවාදීන් ගැන කුණුහරප ලියන්න කවුද කැමැති.

:       14       59

Sosad Monday, 08 September 2025 05:23 PM

කුහක වංශ කියලා පොතක් ලිව්වා නම් ලියන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. කොටස් 10ක් වතර ලියලා, එතැනින් පස්සේ පටන් ගන්න පුළුවන් පච වංශ කියලා...

:       18       46

SuddaTuesday, 09 September 2025 01:36 PM

ඔය කියන වංශ හරියටම කවුද​. මතකද මන් දා ඉස්සර ජේවීපී එකේ සෝමවංශ කියලා එක්කෙනෙකුත් නායකයා වෙලා හිටියා. හැබැයි දැන් ඉන්න අය තරම් ඔය කාටවත් මුල අමතක වෙලා නෑ.

:       0       1

ගමේ එකාලා Monday, 08 September 2025 06:00 PM

ආසියාවේ ආස්චර්‍ය කියලා? කුහක නොවී පොතක් ලියන්න බැරියෑ?

:       0       0

ජගත් ලියනගේ Monday, 08 September 2025 07:31 PM

සහතික ඇත්ත...

:       6       17

Rasika Monday, 08 September 2025 09:53 PM

නිහාල් ද සිල්වා මහතා ඉතා හොඳ පොතක් ලියා තියනවා. කිසිම කුහක කමක් නැතිව.... ලාල් කාන්ත මහතා කියවලා නැතිවා වගේ...

:       0       0

Mahesh Monday, 08 September 2025 10:47 PM

අටුවා ටීකා ඕන නෑ.නූතන ජෙප්පෝ කියන්නේ අමුම අමු කුහකයෝ . පරත්තකාමි ජෙප්පන් එකල විප්ලවයේදී මිය ගියෝය .

:       0       0

Nishan Tuesday, 09 September 2025 03:44 AM

කවුද කැමති වෙන්නේ තමුන්ගේ පවුලේ අයව මරපු, අසල්වැසියාව මරපු, කට කපපු, බෝඩ් එල්ලලා කුඹුරේ හිටවලා තියපු, හන්දියේ හිටවලා තියපු, පීඩාවට පත් කරපු අය ගැන ලියන්න.... කොහොමද ඒවා ගැන ලියන්නේ...?

:       0       0

Nilantha Marambe Tuesday, 09 September 2025 04:42 AM

මොවුන් කියපු ආකාරයට පැවැති ආණ්ඩු අවුරුදු 76 ක් කලේ මොනවාද අහපු කාලයෙන් අවුරුදු 54 ක්ම රටේ සංවර්ධනය විනාශයට ඇද දැමූ ජෙප්පෝ කරපු දේවල් ගැන ලේඛකයෝ පසුගිය ජනාධිපතිවරණයට පෙර පොත් ලිව්වා නම් මේ ආණ්ඩුව කිසිමදාක බලයට පත්වෙන්නේ නැහැ කියලා තේරුම්ගන්න බැරිව රටේ පාලනය කරන්නේ කොහොමද?

:       0       0

සුනිල් බෙන්තර ආරච්චි Tuesday, 09 September 2025 06:57 AM

ලංකාවේ ලේඛකයොත් මනුස්සයෝ. කවුද නිර්භීත වෙන්නේ ජෙප්පෝ ගැන පොතක් ලියලා මැරුම් කන්න. හොඳට මතකයි ඒ දවස්වල ජෙප්පෙක් දිහා බලන්නත් බයයි, රෑට සහෝදරවරු ගෙදරට එයි කියන බයට. දැනුත් සමාජ මාධ්‍යයකට ආණ්ඩුව සුළුවෙන් හරි විවේචනය කරලා ලිව්වොත් සිය ගණනක් තර්ජන එනවා. එහෙම එකේ ඒ කාලෙ මරපු හැටි, වද දීපු ඒවා, ගෙවල් ගිනිතියපුවා, බස් පුච්චපුවා, රජයේ දේපොළ විනාශ කරපුවා ගැන ලියලා හත්මුතු පරම්පරාවම මැරුම් කන්න කවුද කැමති?

:       0       0

himal Tuesday, 09 September 2025 08:54 AM

ශාලාවේ සූ ගාලා සෙනඟ නේද? පොතේ මොනවා තිබුණත් මෙන්න මේකයි තත්ත්වේ.

:       0       0

හෙක්ටර් පෙරෙර Tuesday, 09 September 2025 01:29 PM

කලාකරුවන් කියන අයගෙන් සාතිශය බහුතරය කුහකයි. ඒ කතාව ඇත්ත. නමුත් ලාල් සහෝදරයා ඇතුළු පක්ෂය කුහක නොවන අවංක ජනතාවාදී ලේඛකයෙක් බිහි කරන්න මොනවද කරලා තියෙන්නේ. දැනටවත් යමක් කරනවාද. මොකුත් නෑ. ප්

:       0       3

හෙක්ටර් පෙරේරා Tuesday, 09 September 2025 01:44 PM

ඇත්ත වශයෙන් අතිබහුතරය කුහකයි. අනෙක් අය එක එක තැන්වල ලැග සිටින එක එක මාදිලියේ පණ්ඩිතයන් සහ අති පණ්ඩිතයන්. නමුත් ලාල් සහ පක්ෂය අවංක හර්දයසාක්ෂියක් ඇති ලේඛකයන්, කලාකරුවන් බිහිකරන්න මොනවද කරලා තියෙන්නේ. දැනටමත් මොනවා හරි කරනවද? මං හිතන්නේ පක්ෂය ඇතුළෙන් එහෙම කෙනෙක් බිහි වෙන්න සරු පොලොවක් පක්ෂය ඇතුළේ නම් ඇත්තේම නෑ.

:       0       0

akash Tuesday, 09 September 2025 01:45 PM

ඔන්න අපි ලාල් සහෝදරයාගේ ඉල්ලීම අනුව පොතක් ලියන්න පටන් ගනිමු. එකමත් එක රටක ටී56 කියලා කට පුන්චෙක් හිටියා. එයාට වහ වැටුනු තරුන රැලක් හිටියා. ඒ අය අවුරුදු 35ක් විතර කලින් කාලේ ඔය කට පුන්චාවත් අරන් දූපත් රාජ්‍යයක් වෙනස් කරන්න හැදුවා. අප්පෝ කියලා වැඩක් නෑ. අද වුනත් මතකයි බැන්කු කැඩුවා, රාජ්‍ය සේවකයන්ට කට පුන්චාගෙන් කොකා ගස්සලා එලොව යන්න පාර හදලා දුන්නා. එතකොට පුද්ගලික දේ පවා වෙනස් කරා. අද වුනත් ඔය අගලවත්ත කියන පලාත පහුකරාම තියන ඩැල්කීත් වතුයායේ කොනේ ගියාම තියනවා මේ තරුනයෝ ගිනි දෙවියාට පුද පූජා තියලා ඒ වතු යායේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර එහෙම විනාස කරපු හැටි. සොරි වෙනස් කරපු හැටි. කවුද දැන් කතාවේ ඉතුරු ටික කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28424 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10930 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site