IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ

(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ව පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදි සම්මාන පෙළපාලියක් පිරිනැමීය.

නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 115 මෙම කණ්ඩායමට ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, පාබල රෙජිමේන්තුවල යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය යුධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රි ක ඉංජිනේරු බළකාය, පොලිස් හේවා බළකාය, පොදු සේවා බළකාය, කාන්තා බළකාය යන රෙජිමේන්තු යන රෙජිමේන්තු නියෝජනය කරන බව යුද හමුදාව පවසයි.

එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්.එම.ඩී.එන් සමරකෝන් මහතා කටයුතු කරයි.

පළමු වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරුබළකායේ මෙහෙයුම(UNIFIL) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා භටපිරිස් නියෝජනය කිරිම මෙම කණ්ඩායමෙහි වි‍ශේෂත්වය වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරිණියක් සහ සෙබළියන් 07 දෙනකු මෙම කණ්ඩායමට ඇතුලත්වී ඇත

මෙම පෙළපාලිය සහභාගී වු පිරිස කණ්ඩායම කණ්ඩායම් දෙකක් වශයෙන් දිවයිනෙන් නික්ම යාමට සැලසුම් කොට ඇති අතරල ඉන් පළමු කන්ඩායම 2022 පෙබරවාරි මස 05 වන දින හා අනෙක් කණ්ඩායම මාර්තු මස පිටත්ව යාමට නියමිතව ඇත.

ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රිගේ

 



අදහස් (4)

ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ

janis Monday, 31 January 2022 05:58 AM

ඔහොම කියන්නේ පඩි ගෙවන්න සල්ලි නැති නිසාද?

:       49       4

Mahesh Monday, 31 January 2022 09:17 AM

ලෝක සාමය රකින්න කලින්, රටේ සාමය රැකලා හිටියා නම් නේද හොඳ...? ලොකු ලොකු ටෝක් නම් තියනවා. හැබැයි රට බල්ලට ගිහින්...

:       64       6

samanMonday, 31 January 2022 02:36 PM

ඇයි රටේ සාමය හොඳට තියෙන්නේ? නිකන් කුහක වෙන්න එපා.. රට බල්ලට යන්නේ ඔහෙලා වගේ සෘණාත්මක අදහස් තිබෙන අය නිසා.

:       4       37

MaheshWednesday, 02 February 2022 08:25 AM

ළිඳේ ඉන්න ගෙම්බන් දන්නේ ඒ ළිඳ ගැන විතරයි සමන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site