
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී අවම මිලක් නියම කරන්නැයි ලූනු ගොවීහු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළහ.
එමෙන්ම ලොකු ලූනු සඳහා මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
ලොකු ලූනු ගොවීන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් විය.
මෙහිදී ලොකු ලූනු ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වූයේ ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සහ ඔවුන් අඛණ්ඩව කර්මාන්තයේ රැඳී සිටීමට දිරිගැන්වීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 100 ක ආනයන බද්දක් පැනවීමයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේ වෙළඳපොළ ප්‍රශ්නය ක්ෂණිකව විසැඳිය නොහැකි අතර එය ක්‍රමානුකූලව ගොවීන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසටම වාසිදායක වන ආකාරයේ විසඳාගත යුතු බවයි. ගොවීන් ඉදිරිපත් කළ යෝජනා ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර වැඩක්. එයාලා කියන විදියට එහෙම බද්දක් ගැහුවොත් ආනයනික ලුණු කිලෝව 300ක් විතර වෙනවා. එතකොට ලක්ෂ ගාණක් වෙන දුප්පත් පාරිභෝගිකයින්ට මොකද වෙන්නෙ. දැනට මට තේරෙන එකම ක්‍රමය තමයි මේක. ලොකු ලුනු හෝ ඕනම දෙයක් රටේ නිෂ්පාදය කරනකොට වැඩි වියදමක් යනවා නම් ආනයනය කරන එකට වැඩිය ගොවීන්ට ඒවා වගා නොකරන්න කියන එක.
අනිවාර්යෙන් කරන්න යන්න එපා එහෙම කලොත් ලුණු කුණුවෙලා ගියත් කවුරුවත් ගන්න එක්ක නැහැ. පාරිභෝගිකයාට ලැබෙන කොට මිල 250 පමණ වේවි ,මෙච්චර කාලයක් තිබුණ රජයවල් කලේ ගොවියෝ ආරක්ෂා කරන එක දැන් රජය ආරක්ෂා කළ යුත්තේ පාරිභෝගියා මිසක් වෙන කවුරුවත් නොවේ. එහෙම නොකලොත් ලබන ඡන්ද වලදී ආණ්ඩුව ගෙදර
අපේ රටේ ඉතා අමාරුවෙන් විශ්වාසදායී ලෙස ලොකු ළුනු වවන දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම රජය ,පාරිභෝගිකයන් , තොග සිල්ලර වෙළඳ ප්‍රජාව හැමෝම එකතුවෙලා අත්වැල් බැඳගත් යුතුයි! සුළු වශයෙන් මිල ඉහළ ගියත් රටේ ඩොලර් විනිමය ඉතිරිවන නිසා හැමෝම ජාතික ආර්ථිකයේ සංචිත පරිස්සම් කිරීමට රටට ආදරය කරන හැමෝම දායක විය යුතු බව අපගේ විශ්වාසයයි!