IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලොකු ලූනු වලට අවම මිලක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී  අවම මිලක් නියම කරන්නැයි ලූනු ගොවීහු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය  නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළහ. 

එමෙන්ම ලොකු ලූනු සඳහා මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

ලොකු ලූනු ගොවීන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් විය.

මෙහිදී ලොකු ලූනු ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වූයේ ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සහ ඔවුන් අඛණ්ඩව කර්මාන්තයේ රැඳී සිටීමට දිරිගැන්වීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 100 ක ආනයන බද්දක් පැනවීමයි.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේ වෙළඳපොළ ප්‍රශ්නය ක්ෂණිකව විසැඳිය නොහැකි අතර  එය ක්‍රමානුකූලව ගොවීන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසටම වාසිදායක වන ආකාරයේ විසඳාගත යුතු බවයි. ගොවීන් ඉදිරිපත් කළ යෝජනා ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.



අදහස් (3)

ලොකු ලූනු වලට අවම මිලක් ඉල්ලයි

idr tharanga Wednesday, 06 August 2025 01:26 PM

මේක මාර වැඩක්. එයාලා කියන විදියට එහෙම බද්දක් ගැහුවොත් ආනයනික ලුණු කිලෝව 300ක් විතර වෙනවා. එතකොට ලක්ෂ ගාණක් වෙන දුප්පත් පාරිභෝගිකයින්ට මොකද වෙන්නෙ. දැනට මට තේරෙන එකම ක්‍රමය තමයි මේක. ලොකු ලුනු හෝ ඕනම දෙයක් රටේ නිෂ්පාදය කරනකොට වැඩි වියදමක් යනවා නම් ආනයනය කරන එකට වැඩිය ගොවීන්ට ඒවා වගා නොකරන්න කියන එක.

:       0       1

de silva Wednesday, 06 August 2025 01:44 PM

අනිවාර්යෙන් කරන්න යන්න එපා එහෙම කලොත් ලුණු කුණුවෙලා ගියත් කවුරුවත් ගන්න එක්ක නැහැ. පාරිභෝගිකයාට ලැබෙන කොට මිල 250 පමණ වේවි ,මෙච්චර කාලයක් තිබුණ රජයවල් කලේ ගොවියෝ ආරක්ෂා කරන එක දැන් රජය ආරක්ෂා කළ යුත්තේ පාරිභෝගියා මිසක් වෙන කවුරුවත් නොවේ. එහෙම නොකලොත් ලබන ඡන්ද වලදී ආණ්ඩුව ගෙදර

:       0       0

PGPTHILAK Wednesday, 06 August 2025 03:10 PM

අපේ රටේ ඉතා අමාරුවෙන් විශ්වාසදායී ලෙස ලොකු ළුනු වවන දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම රජය ,පාරිභෝගිකයන් , තොග සිල්ලර වෙළඳ ප්‍රජාව හැමෝම එකතුවෙලා අත්වැල් බැඳගත් යුතුයි! සුළු වශයෙන් මිල ඉහළ ගියත් රටේ ඩොලර් විනිමය ඉතිරිවන නිසා හැමෝම ජාතික ආර්ථිකයේ සංචිත පරිස්සම් කිරීමට රටට ආදරය කරන හැමෝම දායක විය යුතු බව අපගේ විශ්වාසයයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site