(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුවට මෙරටට පැමිණි විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහත්වරුන් අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණි.
මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම්, තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය H.E. Pattana Promphat,ටිමෝර් ලෙස්ටේ (Timor Leste) හි ආයතනික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ජෝස් ඩොස් රීස් මැග්නෝ මහත්වරු ඒ අතර වූහ.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කළ විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා නියෝජිතයින් එම සේවාව අඩු පිරිවැයකින් ගුණාත්මක පවත්වා ගෙන යාම පිළිබඳව තම ප්‍රසාදය පළ කර සිටියේ ය.
ශ්‍රී ලංකාව ඉතා මිත්‍රශීලි රටක් බව පෙන්වා දුන් විදේශීය නියෝජිතයන් මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ලබා දිය හැකි සහය නිබඳව ලබා දීමට කටයුතු කරන බව පවසා සිටියේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන විදෙස් සුව ඇමතිලාගේ ප්‍රසාදය
සඳමාලි Wednesday, 15 October 2025 01:04 PM
බලන්ටකො ඉතිං, 70 වසරක සාපය යටතේ රටේ සෞඛ්‍ය සේවය හොඳ තැනකට තියෙනවා කියලා මේ විදෙස් නියෝජිතයෝ කියන හැටි. මෙයාලා රනිල්ගෙයි, මහින්දගෙයි කොන්තරාත් එකක් කරනවා වත් ද? නලින්ද ඇමැති ඉදිරියේ තබාගෙන මෙහෙම වර්ණනා කරන්නේ...?
de silva Wednesday, 15 October 2025 01:28 PM
පුදුමයක් නොවේ විදෙස් සුව ඇමැතිලානේ එහෙම කියන්නේ? පුර්ව දැනුම් දීමකින් තොරව ඇවිත් ලංකාවේ රෝහලක වාට්ටුවකට ගොඩ වැදුණා නම් ඔය මතය අංශක 180 කින් වෙනස් වෙනවා
sanath Wednesday, 15 October 2025 02:50 PM
අනිවාර්යයෙන් මේ ගොල්ලට නොමිලයේ බෙහෙත් කරන රජයේ රෝහලක් කියලා පෙන්වන්න ඇත්තේ මුදල් ගෙවලා සේවය ලබා දෙන රජයට අයත් ජයවර්ධන පුර රෝහල වෙන්න ඕනේ...