IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ලංකාවේ මරණ වැඩිවෙලා

(සුජිත් හේවාජුලිගේ)

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම)   වැඩිවන  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ   නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.

ආර්ථික  හේතු මෙන්ම  වෙනත් සමාජීය හේතුද  මීට මුල්වී ඇතැයි ඇය සඳහන් කළාය. මේ අතර රටේ වාර්ෂික  මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි  ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන්  රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2000 වර්ෂය වනවිට  140000 මට්ටමක පැවති නමුත් එම සංඛ්‍යාව මේ වනවිට  180000 ක් දක්වා   ඉහළ ගොස් ඇති බව
පවසන නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්වරිය  රටේ දරු උපත් සංඛ්‍යාවද  අඩුවී ඇතැයි  පෙන්වා දුන්නාය.

සාමාන්‍යයෙන් 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික  දරු උපත් සංඛ්‍යාව වූයේ 325000 ක් පමණය. එම සංඛ්‍යාව මේ වනවිට 280000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.

ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.



අදහස් (4)

ලංකාවේ මරණ වැඩිවෙලා

Muthu Sunday, 28 April 2024 04:32 PM

ඩොලර් රේට් එක විතරක් කෙලින් කරන්න බලා ඉන්න පාලකයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒකෙත් තියෙන බොරුව තව මාස 7 - 8 කින් එළියට එනවා. එතකොට තියෙන්නේ වෙන රජයක්... මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. අන්තිමේ සියලු වන්දි ගෙවීම් ජනතාව කරමතට එනවා. ලංකාව හැම අතින්ම නාය යනවා, පාලකයින් චක්ගුඩු ගහනවා. ජොලියේ ඉන්නවා.

:       0       38

Rohana Sunday, 28 April 2024 07:09 PM

මාලිමාවට බලය දුන්නොත් මේ ප්‍රශ්න විසඳයිද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න....

:       4       17

Range Sunday, 28 April 2024 07:50 PM

රනිල්ට කතිරේ ගහන්න ඉන්න මෝඩයින් මේක බලපල්ලා ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති...

:       5       21

පිටරටවැසියා Sunday, 28 April 2024 08:58 PM

ඔය ගණන් මිණුම් දියවන්නාවට ගැලපෙන්නෙ නෑනේ. තාම මෑතකදී එහෙම වුණේ 3න් දෙනයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බඹරු ඇන දෙදරු පියා මරුට
2024 මැයි මස 13 216 0

කොටුගොඩ රද්දොළුගම නිවාස සංකීරණයේ තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයේ බඹර කූඩයක් ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක් වූ දෙදරු පියකු මිය ගොස් කුඩා ළමුන් ද


දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 මැයි මස 13 124 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ


ත්‍රිරෝද රථ කොල්ලකරු පොලිස් දැලේ
2024 මැයි මස 13 279 0

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්‍රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට


ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා
2024 මැයි මස 13 537 8

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.


මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය
2024 මැයි මස 13 1769 8

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම


සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා මාට්ටු
2024 මැයි මස 13 1729 1

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 647 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2154 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1870 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site