IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්

(අංජුල මහික වීරරත්න)

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.

ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කීය. උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේද කීය

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. 

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා. 

  පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා. 

 

 



අදහස් (6)

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්

WCA Wednesday, 24 April 2024 10:00 PM

දැන් මේක විකුණන්න කෙනෙක් හොයන්න...

:       1       0

de silva Thursday, 25 April 2024 06:33 AM

එතකොට අපේ විශ්ව විද්‍යාල වලින් පිටවෙලා විවිධාකාර තනතුරු දරමින් අපේ ප්‍රමිතිය තමා හොඳම කියන ඉංජිනේරුවන්ගේ සහ අර සැහැල්ලු දුම්රියේ කන්ටේනර් පටවන්න බැහැ එක නිසා එක වැඩක් නැහැ කියල එක නවත්වල දමපු ලලිතසිරි මහාචාර්ය වැනි උගතුන්ගේ ප්‍රමිතිය අවුල්ද ? අපේ ඉංජිනේරුවන්ගේ දැනුම ඉරනෙට වැඩිය පහලද තිබෙන්නේ ? විශ්ව විද්‍යාල පද්දතියට අපහාසයක් වුන කියල අන්තරේ එලියට බැහැල උද්ගෝෂණය කරන්න අදහසක් නැද්ද ?

:       0       2

de silva Thursday, 25 April 2024 06:37 AM

ඉරානේ කියන්නේ මුස්ලිම් අන්තවාදය අදහන රටක් නොවේද ?ඉස්සර වඳ කොත්තු , වඳ යට ඇදුම් , මුස්ලිම් අන්තවදියෝ ගැන කියමින් ජනතාව උසි ගන්වමින් අහිංසක ශ්‍රී ලංකික මුස්ලිම් ප්‍රජාව අවුල් කල ගම්මන්පිල , විමල් වැනි ගොටගේ ගෝලයෝ ,පොහොට්ටු කාරයෝ නිදිද ?

:       0       4

jagathThursday, 25 April 2024 01:43 PM

මුස්ලිම් හැමෝම අන්තවාදින් නෙවෙයි බං බෞද්ධ අන්තවාදින් දැකල නැද්ද උබට තියෙන්නේ රාජපක්ෂ භීතිකාවක් රුසියාවත් බහුතරය මුස්ලිම් තමයි...

:       0       0

Kazi Shajahan Thursday, 25 April 2024 09:08 AM

අපිත් ආසයි ඉදිරියට යන්න නමුත් අපේ මුන් ටික ඉන්න කල් මලාට ඉස්සරහට යන්න බෑ

:       0       7

fairoos Thursday, 25 April 2024 11:26 AM

නන්දසේන හිටියානම් ඒකත් මග නැවතිලා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 451 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 743 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක්
2024 මැයි මස 04 76 0

සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 35 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 515 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 327 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 482 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site