IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ ආයතනයක්

(අංජුල මහික වීරරත්න)

ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වෙනස් වන පාරිභෝගික ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම පිණිස සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම පිණිස  ඩිජිටල්කරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව විසින් හඳුනාගෙන තිබේ. 

එබැවින්, ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්ත කරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් සපයා ගැනීම පිණිස, සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ ආයතනයක් එම බැංකුවට අනුබද්ධිතව පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, ලංකා බැංකුවේ මිනිස් බල අවශ්‍යතා සපුරාලීම සඳහා 1992 දී පිහිටුවන ලදුව 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටුවනු ලැබ ඇති ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Lid.), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති කොන්දේසි වලට අනුගතව ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස පිහිටු වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ ආයතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site