IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ)
පාර්ලිමේන්තුවේදී පැවසීය.

"නොවැම්බර් 14 වැනිදා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.ඇමරිකා තානාපතිනී ජුලී චෑං එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඊයේ  සභාගත කර තිබෙන බවයි.නමුත් එවැනි ගිවිසුමක් ඊයේ සභාගත කළේ නැහැ.අද සභාගත කළෙත් නෑ.මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා යැයි ආණ්ඩුව ජුලී චෑංට කිව්වාද කියා මා දන්නේ නැහැ.ඇමරිකා තානාපතිතුමියට එකක් කියනවා. අපිට එකක් කියනවා.ඒ නිසා මේක සභාගත කරන්නැයි අප ආණ්ඩුවට කියනවා.

ඒ වගේම ජනාධිපති ඊයේ කතාවේදී නොකියූ කරුණු කීපයක් තියෙනවා.රවී සහ ශානිට අපි බයවෙලා යැයි ජනාධිපති කිව්වා.ඔවුන්ට බයවෙලා තියෙන්නේ 2025 ආණ්ඩුව බලයට ගෙනාපු අයම තමයි.නැතුව අපට බයවෙන්න කාරණයක් නෑ.ගෝඨාභය රාජපක්ෂ රවීගෙන්, ශානිගෙන් පලි ගන්න කොට ඊට එරෙහිව හඬ නැගුවේ සජබ මන්ත්‍රීවරු.අනික රවී ශානිලා දැන් ඉන්නෙ කලකිරීමෙන් .ඔවුන් වැරදිකාරයෝ ලෙස නම් කළ මහින්ද දිසානායක ට ඩී.අයි.ජී කම දුන්නා.ජනාධිපතිතුමා දැන් ඒක අපේ පැත්තට හරවන්න බලනවා" යනුවෙන්ද රහුමාන්  මහතා කීය.



අදහස් (0)

ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 921 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site