(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඛලි ලෝහ බැහැර කිරීමේ ලංසුව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 11 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. 

ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අයිතම කිහිපයකට අදාළ අඛලි ලෝහ බැහැර කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඊට අමතරව, තවත් අබලි ලෝභ ද්‍රව්‍ය අයිතමයන් 4ක් සම්බන්ධයෙන් සරානුකූලව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිල ඉදිරිපත් කර තිබූ M/s. S R Steel (Pvt) Ltd. සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එකඟ වී ඇති මිල ගණන් මත පදනම්ව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී අඛලි ලෝහ ද්‍රව්‍ය අයිතමයන් රුපියල් මිලියන 114.51 ක මුදලකට M/s. SR Steel (Pvt) Ltd. වෙත බැහැර කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.