IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රේගුවේ ඇති ජෝන්කීල්ස් සමාගමේ වාහන මුදා හරින්න එකඟතාවක්

(මනෝප්‍රිය ගුණසේකර)

රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද එකගතාවය පළ කළේය.

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමෙන් අනතුරුව රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී  වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන්කීල්ස් සමාගම ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ එකගතාවය පළ කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.

ජෝන්කීල්ස් සමාගම ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.

ජෝන්කීල්ස් සමාගම සිය සුපිරි වෙළඳසල්වල භාවිතය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන බී.වයි.ඩී වර්ගයේ වාහන 991ක් ශ්‍රී ලංකාවට ආනයනය කළ බවත් වාහනයේ ධාරීතාවය සහ රේගු බදු සම්බන්ධයෙන් ඇතිවු ගැටළු මත අදාළ වාහන මුදා හැරීම රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රතික්‍ෂෙප කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර ජෝන්කීල්ස් සමාගම රේගුව භාරයේ රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.

පෙත්සම කැඳවු අවස්ථාවේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වන විට රේගුව බාරයේ රඳවාගෙන ඇති අදාළ වාහන 991 කොන්දේසි කිහිපයක් යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාව ඇතැයි කීය.

 



අදහස් (2)

රේගුවේ ඇති ජෝන්කීල්ස් සමාගමේ වාහන මුදා හරින්න එකඟතාවක්

Perakum Liyanagama Thursday, 07 August 2025 10:52 PM

අපි නම් දැනගෙන හිටිය ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැඩේ ගොඩදාගන්න බව. ඒත් ඔය කියන කොන්දේසි මොනවාද. ඔය වාහන 991ම ජෝන් කීල්ස් ආයතනයේ වැඩට අවශ්‍ය ද වැඩි පංගුව බෙදුවෙ කාටද මේවට උතතර දෙන්න.

:       0       1

Perera Friday, 08 August 2025 04:53 AM

සුපිරි වෙළඳසැල්වල භාවිතයට ද නැත්නම් ඒ මුවාවෙන් නිදහස් කරගෙන විකුණන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 326 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site