IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රුවන්වැල්ලට රන් ආරංචියක්

(අංජුල මහික වීරරත්න)

රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ II වැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොරියා එක්සිම් බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබන රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමක් වන M/s Kolon Global Corporation වෙත පිරිනමා ඇත. මෙම ව්‍යාපෘතිය 2022 වර්ෂයේ දී නිම කිරීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් වසංගතය, සැලසුම් වෙනස් කිරීමට සිදුවීම, අයහපත් කාලගුණික තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත පරිදි ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වී නොමැත.

 එවකට පැවති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපාය කරණය සහ වේගවත් කිරීම පිළිබඳ කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය අදියර 1 සහ II වශයෙන් අදියරගත කිරීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව, කොරියානු එක්සිම් බැංකුවේ අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිත කරමින්, රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ I වන අදියර යටතේ වන ඉදිකිරීම නිම කර, කොන්ත්‍රාත්කරු විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත මේ වන විට බාර දී ඇත. 

එම ව්‍යාපෘතියේ II අදියර සඳහා වන මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,147 ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදා ගනිමින් එම අදියර ක්‍රියාත්මක කිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රුවන්වැල්ලට රන් ආරංචියක්

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 10:40 AM

යන එන මං නැති අබල දුබල විපක්ෂ පහුගිය දවස්වල කෙදිරි ගෑවා එක සංවර්ධන ව්‍යාපෘතියක් වත් මේ දක්වා මේ ආණ්ඩුව ආරම්භ කරන්න බැරි උනා මේක අසාර්ථක ආණ්ඩුවක් කියලා, දැන් මේ අබල දුබල විපක්ෂට උණ ගැනෙන්න එක දිගට එක පෙලට සංවර්ධන වැඩ සටහන් ආණ්ඩුව ආරම්භ කරනවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30908 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13034 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 855 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 252 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site