(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (23) රාත්‍රි කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයාම නිසාවෙන් දින තුනක් පමණ ධාවනය නොවූ බදුල්ල කොළඹ කොටුව අතර රාත්‍රි තැපැල් දුම්රිය යලි අද (23) දින රාත්‍රි යලි ආරම්භ වී බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 6.40ට පමණ කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබිය දී මෙසේ කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසල දී එම රාත්‍රි තැපැල් දුම්රියේ පසුපස එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය බළධාරින් පැවසුහ .
මේ අතර මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීඝ්‍රගාමී දුම්රිය දැනට හීල් ඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , එම දුම්රියේ එන්ජිම ගලවා පිලීපැනීමට ලක්ව ඇති රාත්‍රි තැපැල් දුම්රියට සවිකර අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු සිදු කරන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාත්‍රි තැපැල් දුම්රිය කිතල්ඇල්ලෙන් පීලි පනි