IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රාජ්‍ය සේවා පත්වීම් වල වැඩි පංගුවක් සෞඛ්‍යට

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගන්නා  72,000ක පිරිසෙන් 9000ක් බඳවා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම පිරිසෙන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා පසුගිය මාස 6 තුළ හෙද සේවයට  4,141 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ  ආයුර්වේද වෛද්‍යවරුන්  303 දෙනෙකුට අද(3) පත්වීම් ප්‍රදානය කරමිනි.

මෙම නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා කීවේ පසුගිය වසර වල විවිධ අකාරයට එක් එක් අවශ්‍යතාවයන් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලව තිබූ බවයි. වත්මන් රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

රාජ්‍ය සේවා පත්වීම් වල වැඩි පංගුවක් සෞඛ්‍යට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site