
(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි අසාධ්‍ය රෝගීන් රෝහල් කොරිඩෝව තුළ දැඩි අපසුතාවයෙන් සිටිනු එහි ගිය අපට දැක ගත හැකියි.
ෙරෝහල් සේවකයන්ගේ වර්ජනයට අදට (14) ට සතියක් සම්පූර්ණ වේ.
මෙම වෘත්තීය සමිති විසින් ඉකුත් 7 වැනිදා උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.
වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
එසේ වුවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරන හෙද හෙදියන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතුවල නිරතව සිටිනු ද දක්නට ලැබිණි.
රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටි අතර රාජ්‍ය ඔසුසල්වලින් ඔවුන් වෙනුවෙන් නොමිලයේ ඖෂධ නිකුත් කෙරේ.
ඒ හේතුවෙන් ඔසුසල් ඉදිරිපිට දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




ඔසුසල ඉදිරිපිට


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන්නේ නැතුව නිකන් රුපියල් 5000 වැඩි කරලා ආණ්ඩුව ඉල්ලන් කනවා.. හොඳ වැඩේ. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයා හරි.. ජයවර්ධන මහත්තයාගේ හරි අගේ තේරෙන්නේ..
ලෝකයේ හොඳම, උසස්ම ප්‍රමිතිගත සෞඛ්‍ය සේවයක් තියෙන්නේ අපේ මේ සිරි ලංකාවේ කියලානේ කියන්නේ? ඉතින් මේ ප්‍රදර්ශනය වන්නේ එහි ගුණාත්මක භාවය නොවේද? මෙවැනි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රැකගන්න නේන්නම් අපේ රටේ ලෙඩ්ඩු එදා සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට එරෙහිව සටන් කරලා එය විනාශ කළේ... එවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන විනාශ කරලා මෙන්න මේ වගේ දිනයක පෞද්ගලික රෝහලකින් මුදල් ගෙවා බෙහෙත් ටිකක් අරගෙන බීපුවාම, ඇඟට දැනෙන සනීපය, සුවය හා සතුට නම් ඉතින්, කියලා නිම කරන්න බැහැ.
දියුණු රටවල් සෞක්‍ය නිකන් දෙන්නේ නැහැ. ඒ සඳහා හැමෝටම රක්ෂණ ක්‍රමයක් තියෙනවා. 30%ක් තමනුත් 70%ක් රක්ෂණ ආයතනෙනුත් ගෙවනවා. ඒක නිසා සෑම රෝහලකටම සල්ලි තියෙනවා. අලුත් උපකරණ ගන්න, ඉන්න සේවකයින්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවන්ඩ පුළුවන්... උද්ගෝෂණ කරන්න ඕනෑ වෙන්නේ නැහැ. නිකන් බෙහෙත් සහ අධ්‍යාපනය දෙනවා කියලා මිනිස්සු ලංකාවේ ඉන්නේ නැහැ. අසාවෙන් ගෙවලා ජීවත් වෙන්න ඕනි රටවල් වලට යනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙවන්න බැහැ කියලා... පුළුවන් අයත් ගෙවන්නෙත් නැහැ. හැමදාම නිකන් බෙහෙත් අරගන්නවා. ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ ඒක නිසා... දුප්පත් අයට කිසියම් ක්‍රමවේදයක් සහ අනිත් හැමෝටම සාධාරණ ගාස්තුවක් අයකරා නම් ලංකාව දියුණු රටක් වේවි.