IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න

(අංජුල මහික වීරරත්න)

ඇතැම් රෝහල් වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟ හැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නේය.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. 

ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත් ප්‍රකාශ කළේය.

රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්.එස්.එන්.බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (1)

රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න

Samare Wednesday, 23 July 2025 04:18 AM

ජනාධිපතිතුමා අත දාන තත්ත්වයට එනකම් ප්‍රශ්නය ඔඩු දිව්වා කියන්නේ සෞඛ්‍ය ඇමතිගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක්. ලැයිස්තු හදාගෙන කියවනවා මිසක් නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න විසඳන බවක් පේනවා මදි. පහුගිය කාලේ කිව්වේ රෝහල්වල ඖෂධ හිඟයක් නෑ කියලා. කොටින්ම ඔහුගේ ගමේ මූලික රෝහල වන අගලවත්ත පිඹුර රෝහලෙන් දියවැඩියා රෝගීන්ට බෙහෙත් පිටින් ගන්න කියලා අරිද්දිත් නලින්ද ජයතිස්ස කිව්වේ බෙහෙත් හිඟයක් නෑ කියලා. නලින්දට වඩා නියෝජ්‍ය ඇමති හොඳයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්න. නලින්ද ජයතිස්ස වයිද්‍ය උපාධියක් ගත්තට රෝහලක වැඩකරලා හරි දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි. නමට ඇමතිකම් කරාට මහ ජනතාවට සේවයක් කරන්න බැරි නම් වැඩක් නෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site