
යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ චසීව් යාර් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 23 කි.
රුසියන් හමුදා එල්ල කළ බව පැවැසෙන එම මිසයිල ප්‍රහාරයෙන් මහල් නිවාස ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට සමතලා වුණු බවත් සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනකු සිරවී සිටින බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ.
චසීව් යාර් නගරය පිහිටා ඇත්තේ ක්‍රැමැටෝර්ස්ක් නගරයේ සිට කිලෝ මීටර් 20 ක් දුරිනි. රුසියාවන් හමුදා සහ යුක්රේන හමුදා අතරේ දරුණු අවි ගැටුම් පවතින්නේ ක්‍රැමැටෝර්ස්ක් නගරයේය. නරෙයේ ප්‍රදේශ රැසක් මේ වනවිට රුසියන් හමුදා ග්‍රහණයේ පසුවන බව ද වාර්තා වේ.
චසීව් යාර් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලට එල්ල වී ඇත්තේ රුසියන් හමුදාව සතු උරගාන් නමැති මිසයිල යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd