
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්ව ආරක්ෂක සංවිධාන 30 ක් ගොනුකර ඇති රිට් පෙත්සම මෙම මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසිද නිකුත් කරනු ලැබ ඇත.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.චීනයේ විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක ඉල්ලීම පරිදි මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර සංවිධාන මෙම පෙත්සම ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිලවුන් රට පැටවීමට එරෙහි පෙත්සමට දින දෙයි
ගමේ එකාලා Saturday, 20 May 2023 04:55 PM
රට පටවන එකත් දැන් ප්‍රශ්නයක්නේ. නරකද දියවන්නාවට ගිහින් දැම්මා නම්...? එතැන ඉන්නෙත් ඔය වගේ එහෙට මෙහෙට පනින එවුන් නේ?