
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි ආර් ඒ තනූජා ප්‍රියදර්ශනී (40) එක්දරු මවකි
මවුපියන් දෙදෙනා සිය එකම දියණියගේ අවශ්‍යතාවයක් සඳහා හොරණ නගරයට තීරෝද රථයෙන් පැමිණ යළි නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd