
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචි 38 හැවිරිදි යුද හමුදා විශේෂ බළකායෙ ලුතිනන් වරයකු වන ජීවක සෙනවිරත්න නැමති නිළධාරීයකු හා ඔහුගේ පුතු වන මනුජය ප්‍රභාෂ්වර නැමති දස හැවිරිදි දරුවෙකී.
මෙම අනතුරීන් බරපතල ලෙස තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත්තේ මිය ගිය යුද හමුදා නීළධාරීයාගේ බිරීද බව පොලිසිය කියයි.
මිය ගිය යුධ හමුදා විශේෂ බලකා නිළධාරීයා තම පුතු හා බිරිද සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ආණමඩුව නවගත්තේගම මාර්ගයෙ ලබුගල රජමහා විහාරස්ථාන ඉදිරීපිට නවතා තිබු දැව ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක ගැටි ඇති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd