( එස් හේරත්)
දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කටුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉඳුරුවගේ සම්සන් නමැති හැටතුන් හැවිරිදි දෙදරු පියෙකි.
වෘත්තියෙන් කම්කරුවකු වන මරණකරු දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තල්කටුව ප්‍රදේශයේදී ඔහුට ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් ඔහුගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී තිබේ.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රදේශවාසීන් විසින් හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගොස් භාර ඇති අතර රෝහල වෙත ගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd