IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි.

අයෝවා ජනපය දේශපාලන බලමණ්ඩලයේ එසේ පැවැති ඡන්ද විමසුමින්, සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අභිබවා ජයග්‍රහණය කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට හැකි විය.

අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වීමත් සමඟ, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී යළි ජනාධිපති ධුරය වෙනුවෙන් සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

අයෝවා ඡන්දයට ට්‍රම් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට උත්සාහ කළ අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් විය. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ රොන් ඩෙසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි. නිකී හේලි ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට

fairoos Tuesday, 16 January 2024 01:55 PM

ශා නියමයි නේ .එහෙනම් අපේ හිටන්ටත් පුළුවන් වෙයි

:       1       4

Bamunuarachchi Wednesday, 17 January 2024 06:33 AM

එන්න මහත්තයෝ වචනෙන් හරි අපේ මොරාල් සපෝට් එක දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site