(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මලිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණියගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසීය.
කොල්ලුපිටිය අමාරි හෝටලයේදී මෙම හමුව පැවැත්විණි.
ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා.ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ.රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තිබෙනවා.බිලියන හයයි දශම ගණනක සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය පැමිණ තිබෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි
යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල්ගෙන් පලි ගැනීම ජාත්‍යන්තරයට ගෙන යනවා
ජයවීර Sunday, 24 August 2025 02:40 PM
මේ සෙට් එක එකතුවෙලා රනිල්ව ජාත්‍යන්තර වශයෙන්ම පීචං කරන්නයි යන්නේ...
දීපාල් Sunday, 24 August 2025 02:42 PM
ප්‍රශ්න තියෙනවාද?... ලොක්ක දන්න ඔක්කොම ජාත්‍යන්තරේ ඉන්නේ..
Janitha Sunday, 24 August 2025 04:28 PM
ඔයත් කටවහගෙන හිටියොත් හොදයි. දැන් ඉන්න අයට විරුද්ධව කතාකරන්නවත් බැහැ.
Chathu1989 Sunday, 24 August 2025 04:28 PM
හොර තක්කඩින්ට ජාත්‍යන්තරේ පිළිගැනීමක් නැහැ. ජාත්‍යන්තරයේ දන්නවා ඔවුන්ගේ රගේ...
Asela Sunday, 24 August 2025 05:01 PM
විපක්ෂය එය ඔප්පු කළහොත්, NPP හි මුළු වහලුන්ම අනුර පිටුපස සිටියත්, එය අනුරට ඇති ලොකුම අභියෝගය සහ පසුබෑම වනු ඇත. බටහිරට සහ EU ට තුන්වන ලෝකයේ රටවල බොහෝ වෙනස්කම් සැලසුම් කළ හැකිය. ප. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අත්සන් කළ 5000 ක පෙත්සමක් පවා EU විසින් පිළිගනු ලැබේ. මෝඩයින් රාජ්‍ය තාන්ත්‍රික බලය සහ විරුද්ධ පක්ෂයේ බලය නොදනී.
Perakum Liyanagama Sunday, 24 August 2025 05:55 PM
මේ මෝඩයා දන්න තරම තමයි. පලිගැනීම මොකක්ද නීතිය ක්‍රියාත්මක කිරීම මොකක්ද කියලාවත් දන්නේ නැති කෙනෙක්.
Yashminee Sunday, 24 August 2025 06:22 PM
ජාත්‍යන්තරය කොහොමත් නිකම් "හොර" නාමයක් ගාවාගන්න කැමැති නැහැ. වංචා කාරයන්, බැංකු කොල්ලකාරයන්.. බේරාගන්න නොවෙයි ජාත්‍යන්තරය තියෙන්නේ. එක මහත්මියක් එදා රනිල් CID එකට ගියවෙලාවේ ඉඳලා විදේශීය තානාපති වරුන්ට කතාකරනවාලු.. නමුත් කිසිම කෙනෙක් උත්තර දීලා නැහැ. ඒ අය දන්නවා මේ රටේ හිටපු ලොකු ලොක්කෝ කරපු අමන, අශිලාචාර, මිනීමරු වැඩ ගැන...
මහේෂ් Sunday, 24 August 2025 07:24 PM
දයාසිරි... ඔයා ගැන දුකයි.
පොඩිඑකා Sunday, 24 August 2025 08:58 PM
මේ යෝදයා හැමදාම පාර්ලිමේන්තුවෙ පීචං වෙනවා.