(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවද අමාත්‍යවරයා කීය .
මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවද ඔහු කීය. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද රණතුංග මහතා පැවසීය.
මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකු හොරා යි කප්පම් කාරයායි එකට සෙට් වෙලා රට කන්නයි යන්නේ
ශරීරයේ තරමට මොලේ නෑ කියන එකට තියන හොඳ උදාහරණයක්
වාසි පැත්තට හෝයියා කියන කප්පම් හොරෙක්.
අවස්ථාවක් දෙන්න තමයි අපිත් බලන් ඉන්නෙ ඡන්දෙ තියන්නකො ඉක්මනට.
මේ වදන් කියන්නේ.. කප්පන් අරගත්ත වරදට මහාධිකරණය මගින් වරද කාරයෙක් කරලා මුදල් මය දඩුවම් ලැබ, කප්පන් මුදල ආපහු ගෙවීමට හා වසර දෙකක් හිර දඬුවම් ලැබූ , උසාවියෙන් අච්චු කල හොරෙක්. උගේ හොර කල්ලියේ නායකයා ආපහු පිං ජනාධිපති කරගන්න ලු.
ආර්ථිකය ගොඩ දාලා ජාතිියක් හැටියට වැටුණොත් එතනින් ගොඩ ගන්නෙ කවුද ? කිසිම පක්ෂයක රටට ගැළැපෙන නායකයෙක් නෑ.
දෙනවා පම්කක්
රාජපක්ෂලට බැහැ කියලා පිළිගත්තා පක්ෂයේ ප්‍රබලයෝම
80 ගනන්වල ඉදලා අවස්තාව දුන්නේ... මදිද ?
තෝ රනිල්ට තව පාරක් නොවෙයි. හැමදාම දීපිය කප්පමා. තොපිට හොරා කන්න පුළුවන්නෙ.
රනිල් ජනාධිපතිතුමාට අපේ සියලු සහයෝගය දිය යුතුයි .... ත්‍රස්තවාදීන් ට අවස්ථාව නොදිය යුතුයි
රනිල්ට එහම තවත් අවස්තාවක් දෙනවද, නැද්ද කියන බලය තියන්නේ මේ රටේ ජනතාවට චන්දයක් හරහා මිස ඔයාට හෝ රනිල්ට එහම බලයක් නැත. එහම චන්දය පවත්වන දිනය තීරණය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන්නේ මැතිවරණ කොමිසම් සභාවට මිස ස්රිකොත ගොඩනැගිල්ලට නොවේ. අනිකා මෙයා කියන්නේ රනිල්ට තවත් අවස්තාවක් දෙන්න කියල. නමුත් රනිල් බලාගන ඉන්නේ තවත් අවුරුදු 25ක් 2048 වනකම්. ඉතින් එහම බලන විට ඔහුට කොහොමටවත් මේ රට ගොඩ දාන්න බැහැ. ඔහු අවුරුදු 47ක් දිගටම දේශපාලනයේ විවිඩ තනතුරු දරමින්, දැන් කියන්නේ මෙතකල් ආපු ගමන් වැරදි කියල. ඒ කියන්නේ ඔහු අසාර්ථකයි කියල. ඉතින් ඔහුට තවත් අවස්තාවක් දෙන එක මෝඩකමක්.
ඔව් ඉතින් ,වෙන කෙනෙක් ආවොත් කොහොමද නිදහසේ කප්පන් ගන්නේ .වැටිලා තියන නඩු ටිකෙන් බේරිලා ඉන්නේ.ඕවගේ කොච්චර නම් තියේද .රනිල් ව ආයෙම ගේන්න ඕන
අවස්ථාවාදී දේශපාලුවෝ...හැරෙන හැරෙන අතට අත උස්සන මුන් මිනිස්සුද ? රනිල් ලොක්කා, මහින්ද ලොක්කා එක්ක ඔය හැමෝම ආණ්ඩු කලා නේද ? රට දේශීය ආර්ථිකයක් තුල ගොඩ නගන්න බැරි උනා ඔය එකෙකුටවත්. ඔක්කොම එකතු වෙලා හොරා කාලා, දැන් තමා රටේ ආර්ථිකය ගොඩ ගන්න හදන්නේ.
වාව් වාව් ,නැත්නම් මංකොල්ල කාරයන්ට ප්‍රශ්න ඇතිවෙනවා නේ .ටිකක් ඉන්නකෝ චන්දය එනකම්
ඔව් දෙන්න තමා බලන් ඉන්නෙ ..ඡන්දෙ තියපල්ලකො ..
රට බංකොලොත් වූයේ දූෂිත වංක දේශපාලන සංස්කෘතියේ ප්‍රතිපලයක් හැටියටයි.1948 දී නිදහස ලබනවිට ආසියාවේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියූ ශ්‍රීලංකාව වසර 75 ක් පාලනය කල,රටට ආදරේ නැති තම පුද්ගලික ලාභ ප්‍රයෝජන හඹාගිය අනුකම්පා විරහිත අනෙකා ගැන නොසිතන ආත්මාර්ථකාමී තරගකාරී ආර්ථික රටාව මේ රට ගුණ ධර්මවලින් හා දුප්පත් කමින් වැඩිම පීඩා විඳින රට බවට මේ අය පත් කර ඇත. මේ නිසා තවත් අවස්ථාව මොවුන්ට දීමෙන් මේ රටේ දරුවා ගේ හෙට දවස නැත්තටම නැති නොකර මේ දූෂිත වංක දේශපාලන සංස්කෘතිය පලවා හැර මේ රටට හිතකර දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කිරීම අද දවසේ සියලු පුරවැසියන්ගේ වගකීම වී ඇත. මේ රට හදන්නේ මේ රටේ ජනතාවගේ උත්සාහයෙන් කැපවීමෙන් හා මහන්සියෙන් වැඩකිරීමෙනි ඒ සඳහා නිවැරදි හා ප්‍රමුඛ සංවර්ධන ආයෝජන සමග ජනතාවගේ මහන්සිය හොරා නොකන දේශපාලන සංසකෘතියක් තිබිය යුතුයි ඒ සඳහා අවැසි නීති පද්ධති සේම අභ්‍යන්තර පාලන පද්ධති ගොඩනැගිය යුතුයි. එය අවංකව කරන අවංක දේශපාලනයක් මේ මජර පාලකයන් කිසිදා නොගෙනෙයි.ඒ නිසා දූෂිත හඩට කන් නොදී මෙය වෙනස් කරමු.
කාට දුන්නත් මෙච්චර තමයි .උඹලා හිතනවානම් මේක ගොඩ ගන්න පුළුවන් කියලා ..උඹලා උන්මත්තකයෝ .රට ගොඩ ගත හැකි එකම මග නිෂ්පාදන සහ පිට රටට සේවාවන් සැපයීමෙන් පමණි.ඒකට හැමෝම දායක වෙන්න ඕනේ .උඹලත් වරෙල්ලා ..අමුඩයක් ගහගෙන
අපෝ ඔව් දෙන්නාම ඕනෑනේ. මොකද ඔහේටත් අවස්ථාව පෑදෙන නිසා. කප්පම් අරන් උසාවියෙන් දඬුවම් කරලාත් ඇමැතිකම් කරන ලෝකේ එකම කප්පම්කාරයා මෙයා නේද? මොවුන්ට විලිලැජ්ජා නැහැ. මොවුන්ව පාර්ලිමේන්තු එව්ව ගම්පහ මීහරක්ට මොළේ නැත්ද?
මේ ඉන්න කාලකණ්ණි සෙට් එක තොලොංචි වෙලා ගියොත් රට ගොඩගන්න පුළුවන්... පරණ අය ආවොත් රට තවත් වලපල්ලට... විශේෂයෙන් රාජපක්ෂවරු...
ඔවුන් ට්‍රයල් බලනවා. අපි පෙට්‍රල් ගහනවා.
ජනතාව එය නුදුරේදීම තීරණය කරනු ඇති... ඇපත් නැතිව ගෙදර...
හොරෙක් කැමති වෙන්නේ හා හොරෙකුට ආරක්ෂාව පවතින්නේ තවත් එවැනිම හොරෙක් ළඟ පමණයි. විවිධාකාර විදිවලට හොරාකෑවාට ඔවුන් ඔක්කෝම හොරුම තමයි... තක්කඩි ව්‍යාපාරිකයින්ට විවිධ වර්ගයේ සහන හා වරප්‍රසාද ලබාදෙමින් ඒ හරහා හැමදාම බලයේ රැඳෙන්න තමයි.. ඔය කවුරුත් කටයුතු කරන්නේ... හැබැයි ඉතින් ඔය බොරුවට, හොරකමට, අසාධාරණයට හඬ නගන අප්පුලත් තමන්ගේ පොකට් ගාණක් වැටෙනවා නම් නැට්ට බඩයට ගහගෙන අපූරුවට කිසිවක් නොදැක්කා සේ ඉන්නවා... රටේ ජනතාවට ඔබින පාලකයින් තමයි පත්වී සිටින්නේ... අනෙකාව පීඩාවට පත්කරමින් තමන් සතුටු වෙන එකනේ මේ රටේ බහුතරයකගේ ආකල්පය... ඉතින් එහෙම ජාතියකට වගතුවක් වෙයිද..? මේ අමනයින්ට කිසිදා මේ රට ගොඩනගන්න බැහැ.. ඔවුන්ට එහෙම වුවමනාවකුත් නැහැ.. මේ පින්බිම ප්‍රබුද්ධ වැදගත් ජාතියක් අතට පත්විය යුතුයි. වෙනත් රටවල රටේ මහ ජාතිය කොතරම් ගෞරව සම්පන්නද..? ඒ රටවල වෙසෙන අනෙකුත් ජාතීන් අතරේ මහ ජාතිය කෙතරම් වැදගත් ලෙස ජීවත් වෙනවාද..? ඒකටත් එක්ක ලංකාවේ මහා ජාතිය අඥාන පරයින් රැළක්නේ...!
දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැතුව ඉන්ඩ පුලුවන්නේ පින් ජනපතියා ඉන්නකම්.කොහොමද කප්පම් කාරයා ගේ ටිකිරි මොලේ ?