
(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ අද (25) කොළඹදී පැවසීය.
එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්විණ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් මෙම සාකච්ඡාව සඳහා එක්විය.
ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද එහිදී පියවර ගත්තේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් හෙට(27) වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය කරනු ලැබීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බවද විපක්ෂ නායකවරයා එහිදි සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බවත් ප්‍රේමදාස මහතා එහිදි පැවසිය.
එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික වැඩපිළිවෙලට එරෙහිව කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.
මෙහිදි අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළට සියලු දෙනා එක්විය යුතු බවයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ද පැවසීය.
එහිදී සියලු දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා මෙම ප්‍රධාන ගැටලුවලට පිළිතුරු සෙවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ එකමුතුව කටයුතු කිරීම වැදගත් බවත් එම අවස්ථාවේදි අදහස් දක්වමින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පැවසූහ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වන ජී. එල්.පීරිස්, මහින්ද අමරවීර, නිමල් සිරිපාද සිල්වා, රංජිත් මද්දූමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක, නීතිඥ තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධනඩීවී චානක, රවී කරුනානායක, ෆයිසර් මුස්තාපා, පී. දිගම්බරම්, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ජේසි අලවතුවල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලන්ට ඇලර්ජික් වුණාට, ජනතාව කැමැතියි තරාතිරම නොබලා හොරු හිරේ යනවාට...
මොන මෝඩ රැලක්ද මේ? රනිල් නිදහස්කරගන්න ඕන නම් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරලා වැඩක් නෑ. අධිකරණයට ගිහිං කරුණු දක්වන්න. මොකද මේක අධිකරණය ඉදිරියේ ඇති කාරණාවක්. ඒකවත් තේරුම් ගන්න මොලයක් නැති අයියලා ටිකක්ද මේ ප්‍රබලයෝ..?
හරි, එතකොට දැං මේ අයගෙන් කව්ද බල්ලගේ බෙල්ලේ ගෙජ්ජිය බදින්නේ?
මේක දැං හරියට යුද්දෙ කාලෙ ජපනා පිස්සං කොටුවට බෝම්බ දැම්මා වගේ වෙලා. පිස්සෝ ටික ආත බූත කඩාගෙන දුවනවා.
හොරු වෙනුවෙන් හොරු...
අවුරුදු 30 මුළු රටම විනාශ කරපු යුද්ධයක් තිබුණා. සුනාමියෙන් මහා විනාශයක් සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු සියගණනක් ජීවිතක්ෂයට පත් වුණා. කොවිඩ් 19 උවදුරෙන් සිය දහස් ගණනක් මියගියා. ආර්ථිකය කඩා වැටිලා රට බංකොලොත් වුණා. ඒ එක අවස්ථාවකදීවත් මේ මිනිස්සු එකමුතු වුනේ නැහැ. මේ මිනිස්සු එකතුවෙන්නේ ඔවුන්ට තර්ජනයක් හෝ හානියක් වෙන බවක් දැනුන වෙලාවට විතරයි....
යාලුවනේ මේක ජෝක් එකක් නොවෙයි. මේතැන ඉන්න හැමෝටම වගේ දූෂණ චෝදන අක්‍රමිකතා තියනවා. මේ සාකච්ඡාව කුමක් සදහාද? ප්‍රජාතන්ත්‍රවාදයකට විරුද්ධ වීම නේද කියලා මට හිතෙනවා. නැවත හොරුන්ට බලය හිමි කර ගැනීමට උත්සාහ කිරීමක්ද?.
මං නැතුව ඔහෙලට පාලුයි නේ? මීට කිඹුලා…!
ඔයාලා මොනවා කිව්වත්, නිදහස් මතධාරියෙක් විදිහට අනුර ට චන්දය දීපු අයෙක් විදියට, රනිල් ඇරෙස්ට් කරපු විදිය වැරදියි. එහෙම වූවත්, බොහෝ දෙනා ඒ ගැන පසුතැවිලි වෙනවා. රනිල් අත්අඩංගුවට ගන්න ඕනේ, ඔහු කරපු වැරදි (බටලන්ඩ) මිස… මේ වගේ දෙවල් වලට නොවේ. මින් සිදු වන්නේ අනාගතයේ බොහෝ දෙනෙකුට සිරගතවීම හා වැඩ වර්ජනය වීම ය.
මේක ජනතාවාදී ආණ්ඩුවක් බොල
හොරු වෙනුවෙන් හොරු
මහ බැංකු හොරකම, බටලන්ද ගාතනය, මහජන මුදල් කාබාසිනියා කිරීම, රට බන්කොලොත් වෙලා තියෙද්දී තමුන්ට හිතයිෂි දේසපාලුවෝ තිස් ගණනක් උපදේසකයෝ විදියට තියාගෙන වරප්‍රසාදය වරදාන වැටුප් දුන්නා.කිසිම වැඩක් උනෙත් නැහැ.
දැන් තමයි හොඳටම තේරෙන්නේ රටට ආදරේ කවුද කියලා.
කුලී ලියන්නෝ රෑ එලි වෙනකන් ලියලා. ලංකා ඉතිහාසයේ තමුන්ගේ පාලනයේ මුල් මාස දහය තුල වැඩිම දූෂණ වංචා කරලා එවා යට ගහපු ආණ්ඩුව තමයි මාලිමා ආණ්ඩුව.
උසාවි නියෝගයට විරුද්ධව විපක්ෂේ රංචු ගැහෙනවා , වැරදි අවබෝධයක්.
මහින්ද මහත්තයා බලයේ හිටියනං සිරිකොත ඉස්සරහ අළුතෙන් තාර දාලා පාරත් හදනවා බොඩිය ගේන්න. අන්න එහෙමයි නායකයෝ කියන අය එක මිටට එකතු වෙන්නේ
Hahhah ...haa.. haaaa ...බුකියම කැලඹිලා, දෙබරෙට ගල් ගැහුවා වගෙයි
බැලු බැල්මට හිතුනත් රනිල් මේ වරද කරාද කියන එක අදිකරනයේදී තීන්දු වෙයි. එත් රටේ රාජ්‍ය නායකයා පුද්ගලික ගමනක් රටෙන් පිට හෝ ඇතුලත ගියොත් ඔහුගේ ආරක්ශාවට නිලදාරින් යැවිය යුතුමයි. ලේකම් වරයා යා යුතුමයි එය රටේ නායකයාගෙ ආරක්ශාවටයි එය කෙසේද රටේ මුදල් අවභාවිතයක් වෙන්නෙ. එහෙනම් අනුර කුමාර ජර්මනියට ගියේ ඒ රටේ රාජ්‍ය නායකයාගේ ආරාධනාවට නොවන බව කවුරුත් දන්නවා .එයත් වරදක් විය යුතුයි
අධිකරණ ක්‍රියාදාමයකින් රනිල් හිරේ ගියා... අධිකරණය මගින්ම රනිල් නිදහස් කරගන්න. කපුටෝ ටික වගේ තැන තැන රැස්වෙලා කෑ ගැහුවට වැඩක් නෑනේ...
මර බිය දැනිලා .... දැන් ඔතැන රැස්වෙලා ඉන්න බොහෝ දෙනෙකුට දැනෙනවා ඇති තමන්ගේ අන්තිම කාලයේ ගත කරන්න වෙන්නේ බන්ධනාගාරයක් ඇතුලේ කියලා! ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමක් වත් රනිල්ට බේරා ගැනිමේ සටනක්වත් නොවෙයි ඔතැන තියෙන්නේ තමන් රැකිමේ අරගලයක්.
ඊට පස්සෙ හිටං කියයි "ඔහු සමනල් ලෝකෙට ඇතුලු උණා " කියලා
මේ එකතු වෙන්නේ මහ හොරා ඇතුලට ගියාම අනෙක් අයට තියෙන බයට, ඔතනින් හොරා කාපු නැති කෙනෙක් කියන්න බලන්න
දැන් මෙතන රනිල් නිවැරදිනම් ඒක ඔප්පුකරන්නේ නැතිව හොරකන් කරපුව ජනතා මුදල් අවබවිත කරපුව හොයන්න එපා කියලද මේ ප්‍රබලයෝ කියන්නේ එතකොට? නොදන්නා නිසා අහන්නේ මේකෙන් උදවියට අපහසක් නැද්ද ඉතින්?
ඔතන එකතු වෙලා ඉන්න උන් වැඩි හරියක් රට හොරාකාපු දුෂිතයෝ. උන්ටත් හිරේ යන්ඩ වෙයි කියලා තියෙන බයටයි එකතු වෙලා ඉන්නේ? එහෙම නැතුව එක එක පක්ෂවල විවිධ මත දරන උන් කීයටවත් එකතු වෙන එකක් නෑ.